SpaceX සමාගම තමන්ගේ ෆැල්කන් 9 රොකට්ටුව භාවිත කරමින් අලුත්ම ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 27ක් අභ්‍යවකාශයට යවන්න කටයුතු කළා. මේ දියත් කිරීම සිද්ධ වුණේ කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ බලකා කඳවුරෙන්. විශේෂම දේ තමයි මේ රොකට්ටුවේ පළමු අදියර වන ‘Booster 1063’ මෙහෙයුමකට යොදා ගත් 35 වැනි අවස්ථාව මෙය වීම. මේ රොකට්ටුව දියත් කරලා මිනිත්තු 8.5කට පස්සේ සාර්ථකව නැවතත් පෘථිවියට පැමිණ පැසිෆික් සාගරයේ තිබුණු SpaceX ඩ්‍රෝන් නැව මත ගොඩබෑමට සමත් වුණා.
මේ රොකට්ටුවේ ඉහළ කොටස මගින් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 27ම නියමිත පරිදි පහත් පෘථිවි කක්ෂයට මුදා හැරියා. මේ වන විටත් අභ්‍යවකාශයේ ක්‍රියාත්මක වන චන්ද්‍රිකා 11,000කට අධික ප්‍රමාණයකට මේ අලුත් චන්ද්‍රිකා ටිකත් එකතු වෙනවා. මේ වසරේ පමණක් SpaceX සමාගම ෆැල්කන් 9 රොකට් 102ක් අභ්‍යවකාශගත කරලා තියෙනවා. ඉන් 79ක්ම වෙන් වෙලා තියෙන්නේ ස්ටාර්ලින්ක් ජාලය තව තවත් පුළුල් කරන්නයි. මේ වසරේ ඔවුන් ෆැල්කන් හෙවි රොකට් මෙහෙයුම් දෙකක් සහ ස්ටාර්ෂිප් පරීක්ෂණ ගුවන් ගමන් දෙකක්ද සාර්ථකව සිදු කරලා තියෙනවා. අභ්‍යවකාශ තාක්ෂණයේ මේ වගේ දියුණුවක් දකින්න ලැබීම ඇත්තටම පුදුම හිතෙන දෙයක්.

Discussion & Feedback