අභ්යවකාශ තාක්ෂණ ක්ෂේත්රයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, SpaceX සමාගමේ ෆැල්කන් 9 රොකට්ටුවක් පසුගිය බ්රහස්පතින්දා අලුයම 36 වැනි වරටත් සාර්ථකව අභ්යවකාශගත වුණා. ෆ්ලොරිඩා ප්රාන්තයේ කේප් කැනවරල් අභ්යවකාශ මධ්යස්ථානයෙන් ගමන් ඇරඹූ මෙම රොකට්ටුව, ස්ටාර්ලින්ක් බ්රෝඩ්බෑන්ඩ් චන්ද්රිකා 29ක් පෘථිවි කක්ෂයට රැගෙන ගියා. ‘1067’ ලෙස නම් කර ඇති මෙම රොකට් බූස්ටරය, SpaceX ඉතිහාසයේ වැඩිම වාර ගණනක් අභ්යවකාශ මෙහෙයුම් සඳහා එක්වූ රොකට්ටුව ලෙස මේ වන විට වාර්තා පොත් අතරට එක්වී අවසන්.
මෙම මෙහෙයුමෙන් විනාඩි අටහමාරකට පමණ පසු, අදාළ රොකට් බූස්ටරය කිසිදු හානියකින් තොරව අත්ලාන්තික් සාගරයේ තිබූ ‘A Shortfall of Gravitas’ නම් යාත්රාව මතට ගොඩබෑමට ඉංජිනේරුවන් සමත් වුණා. මේ අතර, රොකට්ටුවේ ඉහළ කොටස මගින් රැගෙන ගිය චන්ද්රිකා 29 ද නියමිත පරිදි කක්ෂගත කිරීමට හැකි වුණා. මේ වසරේ පමණක් ෆැල්කන් 9 රොකට්ටුව මගින් සිදුකර ඇති 80 වැනි මෙහෙයුම මෙය වන අතර, ඉන් වැඩි ප්රමාණයක් ස්ටාර්ලින්ක් චන්ද්රිකා ජාලය පුළුල් කිරීම සඳහා යොදාගෙන තිබෙනවා. දැනටමත් අභ්යවකාශයේ ක්රියාත්මක වන චන්ද්රිකා සංඛ්යාව 10,700 ඉක්මවා ගොස් ඇති අතර, SpaceX සමාගම අඛණ්ඩව මෙම ජාලය තවදුරටත් වර්ධනය කරමින් සිටිනවා.

Discussion & Feedback