SpaceX සමාගම විසින් තවත් අලුත්ම Starlink අන්තර්ජාල චන්ද්රිකා 27ක් සාර්ථකව පෘථිවි කක්ෂයට යවනු ලැබුවා. කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්යවකාශ බලකා කඳවුරෙන් මෙම Falcon 9 රොකට්ටුව අභ්යවකාශගත කළේ ඉතා පැහැදිලි නිල් අහසක් යටතේ වීම විශේෂත්වයක්. සාමාන්යයෙන් මේ ප්රදේශයේ පවතින මීදුම් සහිත කාලගුණය නිසා මෙවැනි දසුනක් දැකගන්න ලැබෙන්නේ ඉතා කලාතුරකින්. මෙම මෙහෙයුම සඳහා යොදාගත් Falcon 9 රොකට්ටුවේ පළමු අදියර, දියත් කිරීමෙන් මිනිත්තු 8.5කට පසුව සාර්ථකව නැවත පෘථිවියට පැමිණ පැසිෆික් සාගරයේ තිබූ SpaceX ඩ්රෝන් නෞකාවක් මත ගොඩබෑමට සමත් වුණා.
මෙම රොකට්ටුව මෙලෙස භාවිත කළ 19 වැනි අවස්ථාව මෙයයි. මේ වන විට SpaceX සමාගම 2026 වසරේදී පමණක් Falcon 9 මෙහෙයුම් 103ක් සිදු කර තිබෙනවා. ඉන් මෙහෙයුම් 80ක්ම වෙන් වී තිබෙන්නේ ලොව විශාලතම චන්ද්රිකා ජාලය වන Starlink ජාලය තවදුරටත් පුළුල් කිරීමටයි. දැනටමත් අභ්යවකාශයේ ක්රියාකාරී චන්ද්රිකා 11,000කට වඩා වැඩි ප්රමාණයක් තිබෙන අතර, ඉදිරියේදී Starship රොකට්ටුව හරහා වඩාත් දියුණු Starlink V3 චන්ද්රිකා දහස් ගණනක් අභ්යවකාශගත කිරීමට එලොන් මස්ක්ගේ සමාගම සැලසුම් කර තිබෙනවා. අනාගතයේදී ලොව පුරා අන්තර්ජාල පහසුකම් වඩාත් වේගවත් සහ පහසු කිරීමට මෙම දැවැන්ත ව්යාපෘතිය ඉවහල් වේවි.

Discussion & Feedback