අභ්යවකාශ තාක්ෂණ ලෝකයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, SpaceX සමාගමේ ෆැල්කන් 9 රොකට් ගොඩබෑමේ කණ්ඩායමට ප්රථම වරට පිරිනැමෙන ‘නීල් ආම්ස්ට්රෝං අභ්යවකාශ සම්මානය’ හිමි වුණා. වොෂින්ටන් නුවරදී පැවති විශේෂ උත්සවයකදී මෙම සම්මානය ඔවුන් වෙත පිරිනැමුවේ අභ්යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ ඔවුන් සිදුකළ විප්ලවීය වෙනස අගය කරමින්. පර්ඩියු විශ්වවිද්යාලය විසින් ආරම්භ කළ මෙම සම්මානය, අනාගතයේදී අභ්යවකාශ විද්යාව සඳහා වන ‘නොබෙල් ත්යාගය’ මෙන් ගෞරවනීය සම්මානයක් බවට පත් කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.
ෆැල්කන් 9 රොකට්ටුව නැවත භාවිත කළ හැකි අයුරින් ගොඩබෑමේ තාක්ෂණය දියුණු කිරීම පිටුපස ඇත්තේ වසර ගණනාවක දැඩි කැපවීමක් සහ ඉංජිනේරුමය දක්ෂතාවයක්. 2015 වසරේදී ප්රථම වරට සාර්ථකව පොළොවට ගොඩබෑ රොකට්ටුව, අද වන විට 650 වතාවකට වඩා සාර්ථකව ගොඩබෑමට SpaceX කණ්ඩායම සමත් වෙලා තියෙනවා. මෙම තාක්ෂණය නිසා අභ්යවකාශ ගමන් සඳහා වැය වන මුදල විශාල ලෙස අඩු වී ඇති අතර, එය අභ්යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ නව යුගයක් ආරම්භ කිරීමට මග පෑදුවා. අද වන විට ලොව පුරා බොහෝ රටවල් මෙම තාක්ෂණය අනුකරණය කිරීමට උත්සාහ කරන්නේ ෆැල්කන් 9 රොකට්ටුව අභ්යවකාශ ක්ෂේත්රයේ ලබා ඇති දැවැන්ත ජයග්රහණය නිසාමයි.

Discussion & Feedback