ඇමරිකාවේ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් ස්පේස්-එක්ස් (SpaceX) සමාගමට ඔවුන්ගේ ස්ටාර්ෂිප් රොකට්ටුව නැවත අභ්‍යවකාශගත කිරීමට අවසර ලබා දී තිබෙනවා. පසුගිය මැයි මාසයේදී සිදු වූ අසාර්ථක අත්හදා බැලීමෙන් පසු, එම රොකට්ටුවේ බූස්ටරය අසාර්ථක වීමට හේතුව සොයාගෙන එය නිවැරදි කිරීමට සමාගම පියවර ගත්තා. මේ අනුව, එළඹෙන බ්‍රහස්පතින්දා වන විට ස්ටාර්ෂිප් V3 රොකට්ටුවේ දෙවන අත්හදා බැලීම සිදු කිරීමට නියමිතයි. මෙවර ගමනේ විශේෂත්වය වන්නේ, මීට පෙර අත්හදා බැලීම් සඳහා යොදාගත් ව්‍යාජ චන්ද්‍රිකා වෙනුවට, ස්පේස්-එක්ස් සමාගමේ නවතම තුන්වන පරම්පරාවේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 20ක් අභ්‍යවකාශයට රැගෙන යාමයි.
පසුගිය මැයි මාසයේ සිදු වූ අසාර්ථක ගමනේදී රොකට්ටුවේ බූස්ටරය නිසි ලෙස ක්‍රියාත්මක නොවී මුහුදට කඩා වැටුණා. එන්ජින් ක්‍රියාත්මක වීමේදී ඇති වූ තාක්ෂණික දෝෂ සහ එන්ජින් අනතුරු ඇඟවීමේ පද්ධතියේ ගැටලු ඊට හේතු වූ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, ස්පේස්-එක්ස් සමාගම පවසන්නේ එම දෝෂ සියල්ල මේ වන විට නිවැරදි කර ඇති බවයි. ස්ටාර්ෂිප් රොකට්ටුව සම්පූර්ණයෙන්ම නැවත භාවිත කළ හැකි රොකට් පද්ධතියක් බවට පත් කිරීම එලොන් මස්ක්ගේ ප්‍රධාන ඉලක්කයයි. අනාගතයේදී අන්තර් ග්‍රහලෝක ගමන් සහ අභ්‍යවකාශ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා මෙම ව්‍යාපෘතිය අතිශය තීරණාත්මක වනවා. මේ වන විට ලොව වටිනාම සමාගම් දහය අතරට එක්ව සිටින ස්පේස්-එක්ස් සමාගමේ මෙම නවතම පියවර ලෝකයේම අවධානය දිනාගෙන තිබෙනවා.

Discussion & Feedback