අභ්‍යවකාශ ගමන් ක්ෂේත්රයේ අලුත්ම පෙරළියක් කරමින් ඉන්දියාවේ ‘ස්කයිරුට් ඒරොස්පේස්’ (Skyroot Aerospace) සමාගම විසින් ඔවුන්ගේ ‘වික්‍රම්-1’ රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශයට යවන්න සමත් වුණා. ශ්‍රීහරිකෝටා හි පිහිටි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිට දියත් කළ මෙම රොකට්ටුව විනාඩි 16ක ගමනකින් පසුව සාර්ථකව පෘථිවි කක්ෂයට ළඟා වුණා. ඇමරිකාව සහ චීනයෙන් පසුව පෞද්ගලික සමාගමක් මගින් මෙවැනි දියත් කිරීමක් සිදු කළ ලොව තුන්වන රට බවට පත්වීමට ඉන්දියාවට මේ හරහා හැකියාව ලැබුණා.
මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය තමයි අභ්‍යවකාශයට ‘ටැක්සි සේවයක්’ වගේ පහසුකමක් ලබා දීම. සාමාන්‍යයෙන් චන්ද්‍රිකාවක් යවන්න මාස ගණන් බලාගෙන ඉන්න වෙනවා, නමුත් ස්කයිරුට් සමාගම බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයන්ට අවශ්‍ය ඕනෑම වෙලාවක, ඔවුන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට චන්ද්‍රිකා කක්ෂගත කරන්න පුළුවන් සේවාවක් හඳුන්වා දෙන්නයි. මේ රොකට්ටුව හරහා විද්‍යාත්මක උපකරණ වගේම, ඉන්දියාවේ ප්‍රවීණ විද්‍යාඥයන් සිහිපත් කරන සංකේතාත්මක නිර්මාණ කිහිපයක්ද අභ්‍යවකාශයට රැගෙන ගියා.
2018 වසරේදී ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ හිටපු සේවකයන් දෙදෙනෙක් විසින් ආරම්භ කළ මෙම සමාගම, අද වන විට ඉන්දියාවේ ප්‍රධානම අභ්‍යවකාශ තාක්ෂණ සමාගමක් බවට පත්වෙලා ඉවරයි. ලබන වසරේ සිට වාණිජමය වශයෙන් මෙහෙයුම් ආරම්භ කිරීමට ඔවුන් සැලසුම් කරලා තියෙනවා. මේ දියත් කිරීමත් එක්ක අභ්‍යවකාශ ගමන් ක්ෂේත්රයේ ලොකු වෙනසක් ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback