අභ්යවකාශ තාක්ෂණයේ තවත් සුවිශේෂී ජයග්රහණයක් වාර්තා කරමින්, ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානයේදී ප්රථම වතාවට මිනිස් වකුගඩු සහ අක්මා පටක සාර්ථකව මුද්රණය කිරීමට විද්යාඥයින් සමත් වෙලා තියෙනවා. කැලිෆෝනියාවේ Auxilium Biotechnologies ආයතනය විසින් නිර්මාණය කළ AMP-1 නම් විශේෂිත ත්රිමාණ ජෛව මුද්රණ යන්ත්රයක් (bioprinter) භාවිතා කරමින් තමයි මේ පර්යේෂණය සිදුකර තිබෙන්නේ. මේ සඳහා අවශ්ය සෛල සහ පටක සැලසුම් ලබා දී තිබෙන්නේ Wake Forest පුනර්ජනනීය වෛද්ය ආයතනය විසින්. පසුගිය ජුනි මාසයේදී අභ්යවකාශ මධ්යස්ථානය තුළ සිදුකළ මෙම පර්යේෂණයෙන් වකුගඩු සහ අක්මා පටකවලට අමතරව කාටිලේජ පටක සහ ස්නායු අලුත්වැඩියා කරන බද්ධ කිරීම් 28ක් ද සාර්ථකව නිර්මාණය කර තිබෙනවා.
මේ විදිහට අභ්යවකාශයේදී නිර්මාණය කරපු පටක පසුගිය ජුනි 17 වැනිදා SpaceX Dragon යානයක් මගින් නැවත පෘථිවියට රැගෙන ආවා. සාමාන්යයෙන් පෘථිවියේදී ගුරුත්වාකර්ෂණය නිසා මෙවැනි සියුම් පටක මුද්රණය කිරීමේදී විවිධ බාධාවන් ඇති වුණත්, අභ්යවකාශයේ පවතින බර රහිත තත්ත්වය තුළ සෛල ඉතා ඒකාකාරව බෙදී යාම නිසා ඉතා උසස් තත්ත්වයේ පටක නිපදවා ගැනීමට හැකි වී තිබෙනවා. මෙය අනාගත වෛද්ය ක්ෂේත්රයේ විශාල පෙරළියක් ඇති කළ හැකි පියවරක් ලෙසයි විද්යාඥයින් පෙන්වා දෙන්නේ. ඉදිරියේදී අභ්යවකාශය තුළ මෙවැනි වෛද්ය උපකරණ සහ පටක නිෂ්පාදනය කිරීම සාමාන්ය දෙයක් බවට පත් කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback