අභ්‍යවකාශ තාක්ෂණයේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කරමින්, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී ප්‍රථම වතාවට වකුගඩු සහ අක්මා පටක සාර්ථකව ජෛව මුද්‍රණය (Bioprinting) කිරීමට විද්‍යාඥයින් සමත් වෙලා තියෙනවා. කැලිෆෝනියාවේ ‘Auxilium Biotechnologies’ සමාගම විසින් නිර්මාණය කළ AMP-1 නම් අභ්‍යවකාශ ජෛව මුද්‍රණ යන්ත්‍රය භාවිතා කරමින් මෙම පර්යේෂණය සිදු කර තිබෙන්නේ. වෝක් ෆොරස්ට් ආයතනයේ විශේෂඥයින්ගේ සහයෝගයෙන් සිදු කළ මෙම අත්හදා බැලීම මගින් වකුගඩු සහ අක්මා පටක වලට අමතරව කාටිලේජ සහ ස්නායු අලුත්වැඩියා කරන බද්ධ කිරීම් 28ක් ද සාර්ථකව නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
පෘථිවියේ ගුරුත්වාකර්ෂණය නොමැති පරිසරයකදී මෙවැනි සංකීර්ණ පටක නිර්මාණය කිරීම මගින් වෛද්‍ය ක්ෂේත්රයේ විශාල පෙරළියක් සිදු කළ හැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ. අභ්‍යවකාශයේදී සෛල බෙදී යාම වඩාත් ඒකාකාරී වන නිසා, මිනිස් අවයව බද්ධ කිරීමේ ගැටලුවලට විසඳුමක් ලෙස අනාගතයේදී අභ්‍යවකාශය තුළ මෙවැනි නිෂ්පාදන මධ්‍යස්ථාන පිහිටුවීම ඉතා වැදගත් වෙනවා. පසුගිය ජුනි මාසයේදී අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී මුද්‍රණය කළ මෙම පටක, පසුව SpaceX Dragon යානයක් මගින් ආරක්ෂිතව නැවත පෘථිවියට රැගෙන ඒමටත් කටයුතු කර තිබෙනවා. මෙම ජයග්‍රහණය අනාගත වෛද්‍ය විද්‍යාවේ නව මානයක් විවර කරන බවයි පර්යේෂකයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Discussion & Feedback