ඇමරිකානු අභ්යවකාශ හමුදාව තමන්ගේ ආරක්ෂක පද්ධතිය තවත් ශක්තිමත් කරමින් අලුතින් මිසයිල හඳුනාගැනීමේ චන්ද්රිකා 36ක් අභ්යවකාශයට යවන්න තීරණය කරලා තියෙනවා. මේ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.75ක මුදලක් වැය කරන අතර, මේ ව්යාපෘතිය සඳහා L3Harris Technologies සහ Sierra Space කියන සමාගම් දෙක තෝරාගෙන තියෙනවා. මේ චන්ද්රිකා සියල්ලම 2028 වසර අවසන් වෙද්දී අභ්යවකාශගත කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. මේවා ප්රධාන වශයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ අභ්යවකාශයේ ඉඳන් එන මිසයිල ප්රහාර ඉතාම ඉක්මනින් හඳුනාගෙන, ඒ ගැන තොරතුරු බිම් මට්ටමේ හමුදා කණ්ඩායම්වලට ක්ෂණිකව ලබා දෙන්නයි.
මේ චන්ද්රිකා පද්ධතිය ‘Golden Dome’ කියන විශේෂ ආරක්ෂක වැඩසටහනේ කොටසක් විදියට තමයි ක්රියාත්මක වෙන්නේ. මේ චන්ද්රිකා වල අධෝරක්ත සංවේදක (infrared sensors) සවි කරලා තියෙන නිසා, මිසයිලයක් ගමන් කරන මාර්ගය ඉතාම නිවැරදිව නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. දැනටමත් මේ ව්යාපෘතිය යටතේ චන්ද්රිකා 72ක් ඇණවුම් කරලා තියෙන අතර, අලුතින් එකතු වුණු මේ 36ත් එක්ක මුළු චන්ද්රිකා සංඛ්යාව 108ක් දක්වා වැඩි වෙනවා. මේ සියලුම චන්ද්රිකා පෘථිවිය වටා කක්ෂ හතරක ස්ථානගත කරලා, ලෝකය පුරාම මිසයිල තර්ජන ගැන නිරන්තර අවධානයෙන් ඉන්නයි ඇමරිකානු අභ්යවකාශ හමුදාව බලාපොරොත්තු වෙන්නේ. මේ හරහා අනාගතයේ එන ඕනෑම මිසයිල තර්ජනයකට මුහුණ දෙන්න අවශ්ය තාක්ෂණික ශක්තිය ඔවුන් ලබා ගන්නවා.

Discussion & Feedback