ඇමරිකානු අභ්යවකාශ බලකාය විසින් තමන්ගේ මිසයිල ආරක්ෂණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අති නවීන චන්ද්රිකා 36ක් අභ්යවකාශගත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඇමරිකානු ඩොලර් බිලියන 1.75ක වටිනාකමකින් යුත් මෙම ව්යාපෘතිය සඳහා L3Harris Technologies සහ Sierra Space යන සමාගම් දෙක තෝරාගෙන ඇති අතර, ඔවුන් විසින් චන්ද්රිකා 18 බැගින් නිෂ්පාදනය කිරීමට නියමිතයි. මෙම චන්ද්රිකා ‘ගෝල්ඩන් ඩෝම්’ (Golden Dome) නම් වූ විශේෂ ආරක්ෂක වැඩසටහනේ කොටසක් ලෙස ක්රියාත්මක වන අතර, 2028 වසර අවසානය වන විට මේවා අභ්යවකාශගත කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම චන්ද්රිකා විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ පෘථිවියට එල්ල වන මිසයිල ප්රහාර තත්ය කාලීනව හඳුනා ගැනීමට සහ ඒවායේ ගමන් මාර්ගය නිරීක්ෂණය කිරීමටයි. අධෝරක්ත සංවේදක තාක්ෂණයෙන් සමන්විත මෙම චන්ද්රිකා මගින් ලබාගන්නා දත්ත, ක්ෂණිකව බිම් මට්ටමේ සිටින හමුදා වෙත යොමු කිරීමට හැකියාව ලැබෙනවා. මේ වන විටත් අභ්යවකාශ බලකාය සතුව පවතින චන්ද්රිකා ජාලය සමඟ මෙම නව චන්ද්රිකා එකතු වූ විට, ලෝකය පුරා ඕනෑම මිසයිල තර්ජනයක් ඉතා නිවැරදිව හඳුනා ගැනීමේ හැකියාව ඇමරිකාවට ලැබෙනු ඇති බවයි අභ්යවකාශ සංවර්ධන ඒජන්සිය පවසන්නේ.
මෙම ව්යාපෘතිය හරහා ඉදිරියේදී අභ්යවකාශයේ ස්ථාපිත කෙරෙන මුළු චන්ද්රිකා සංඛ්යාව 108ක් දක්වා ඉහළ යන අතර, ඒ සඳහා වැය වන මුළු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 5.25ක් පමණ වෙනවා. නවීන තාක්ෂණයෙන් සන්නද්ධ මෙම චන්ද්රිකා මගින් අනාගතයේදී ඇති විය හැකි ඕනෑම ආකාරයක මිසයිල ප්රහාරයකින් රට ආරක්ෂා කර ගැනීමට විශාල පිටුවහලක් ලැබෙනු ඇති බවයි ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ.

Discussion & Feedback