ශ්‍රී ලංකා ස්පා සංගමය පවසන්නේ සංචාරක අමාත්‍යාංශයේ බලපත්‍ර සහිතව නීත්‍යානුකූලව පවත්වාගෙන යන ස්පා ආයතනවලට පොලිසියෙන් දැඩි හිරිහැර සිදුවන බවයි. මේ සම්බන්ධයෙන් ඔවුන් පොලිස්පතිවරයාට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබෙනවා. සුදුසුකම් ලත් චිකිත්සකවරුන් යොදවා පවත්වාගෙන යන මෙම ආයතනවලට පොලිසිය සිය බලතල අයුතු ලෙස භාවිතා කරමින් බාධා කරන බවත්, එම නිසා ව්‍යාපාර පවත්වාගෙන යාම ඉතා අපහසු වී ඇති බවත් සංගමයේ නියෝජිතයන් පවසනවා. නීති විරෝධී ආයතනවලට තමන් සහාය නොදෙන බවත්, නීත්‍යානුකූල ව්‍යාපාරවලට නිසි නියාමනයක් පමණක් අවශ්‍ය බවත් ඔවුන් අවධාරණය කරනවා.
තවද, පොලිසියට එරෙහිව පැමිණිලි කිරීමෙන් පසු සංගමයේ නිලධාරීන්ගේ ආයතන ඉලක්ක කර ගනිමින් පළිගැනීමේ ක්‍රියාමාර්ග සිදුවන බවට ඔවුන් බරපතල සැකයක් පළ කරනවා. වත්තල පිහිටි වැඩබලන සභාපතිවරයාගේ ස්පා ආයතනය ඇතුළු ස්ථාන කිහිපයක් ගිනි තබා විනාශ කර තිබීම මෙයට කදිම නිදසුනක් බවයි ඔවුන් පවසන්නේ. මෙවැනි ක්‍රියා හරහා රජයට බලපෑම් කිරීමට උත්සාහයක් තිබේදැයි ඔවුන් ප්‍රශ්න කරනවා. ස්පා කර්මාන්තය මත මේ වන විට ලක්ෂ දහයකට ආසන්න පිරිසක් යැපෙන බවත්, ඔවුන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම සඳහා මෙම සිදුවීම් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙසත් සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback