ජනප්රිය ඇමරිකානු සජීවීකරණ වැඩසටහනක් වන ‘සවුත් පාක්’ (South Park) වසර 13කට පසුව නැවතත් හොඳම සජීවීකරණ වැඩසටහන සඳහා වන එමි සම්මානය දිනා ගැනීමට සමත් වුණා. මේ ජයග්රහණය සැමරීම සඳහා ඔවුන් සමාජ මාධ්ය ඔස්සේ විශේෂ පෝස්ටුවක් පළ කර තිබුණේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ව දැඩි ලෙස උපහාසයට ලක් කරමින්. එම රූපයේ දැක්වෙන්නේ ට්රම්ප්ගේ කාටූන් රුවක් එමි සම්මානයක් අතැතිව සිටින ආකාරයයි. මෙය ට්රම්ප් මීට පෙර එමි සම්මාන සඳහා නිර්දේශ වුවත් කිසිදා ජයග්රහණය නොකිරීම පිළිබඳව එල්ල කළ උපහාසාත්මක ප්රහාරයක් ලෙසයි බොහෝ දෙනා දකින්නේ.
මෙම වැඩසටහනේ නිර්මාතෘවරුන් වන ට්රේ පාකර් සහ මැට් ස්ටෝන් පවසන්නේ වසර 30ක් පුරා තමන්ව විකාශනයෙන් ඉවත් නොකර රැකගත්තේ ලොව පුරා සිටින රසිකයන් බවයි. සවුත් පාක් වැඩසටහන සැමවිටම දේශපාලන සහ පොප් සංස්කෘතික සිදුවීම් උපහාසයට ලක් කිරීම නිසා ප්රසිද්ධියක් උසුලනවා. විශේෂයෙන්ම ට්රම්ප්ව ඉලක්ක කරගෙන ඔවුන් නිර්මාණය කළ කථාංග නිසා ධවල මන්දිරයෙන් පවා මීට පෙර විරෝධතා එල්ල වී තිබුණා. කෙසේ වෙතත්, මේ සියලු විවේචන මැද සවුත් පාක් කණ්ඩායම තමන්ගේ ගමන සාර්ථකව ඉදිරියට ගෙන යන අතර, සැප්තැම්බර් 16 වැනිදා සිට ඔවුන්ගේ නව කථාංග මාලාව නැවතත් විකාශය වීමට නියමිතයි.

Discussion & Feedback