ලොව පුරා රසිකයන් අතර ජනප්රිය සවුත් පාක් (South Park) කාටූන් මාලාව මේ වන විට එහි ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. 1997 වසරේදී ආරම්භ වුණු මේ කාටූන් මාලාව කාලයත් සමඟ විවිධ වෙනස්කම්වලට ලක්වුණත්, මෙවර සිදුවන වෙනස රසිකයන්ට විශේෂ එකක්. විශේෂයෙන්ම පසුගිය වසර අටක කාලයක් තිස්සේ කතාවේ ප්රධාන තේමාව බවට පත්ව තිබූ ‘ටෙග්රිඩි ෆාම්ස්’ (Tegridy Farms) කතා පුවත අවසන් කිරීමත් සමඟ, සවුත් පාක් නව යුගයකට පා තබන බවයි නිර්මාණකරුවන් වන ට්රේ පාකර් සහ මැට් ස්ටෝන් පවසන්නේ.
පසුගිය කාලය පුරාම රෑන්ඩි මාෂ්ගේ ගංජා ව්යාපාරය වටා කතාව ගෙතුණු නිසා, ස්ටෑන්, කයිල්, කාට්මන් සහ කෙනී වැනි මුල්ම චරිතවලට ලැබුණු ඉඩකඩ සීමා වුණා. මේ ගැන රසිකයන්ගෙන් විවිධ විවේචන එල්ල වුණත්, නිර්මාණකරුවන් වසර ගණනාවක් තිස්සේ මෙම කතා පුවත දිගින් දිගටම ඇදගෙන ගියා. නමුත් දැන් එම කතා පුවත නිල වශයෙන් අවසන් වීමත් සමඟ, සවුත් පාක් නැවතත් එහි මුල්ම ස්වරූපයට සහ විනෝදජනක බවට පත්වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා.
සවුත් පාක් නිෂ්පාදන ක්රියාවලිය අනෙකුත් කාටූන් මාලාවලට වඩා හාත්පසින්ම වෙනස්. ඔවුන් සෑම කථාංගයක්ම නිකුත් කිරීමට සතියකට පෙර නිර්මාණය කිරීම නිසා, ලෝකයේ සිදුවන අලුත්ම සිදුවීම් පවා ඉතා ඉක්මනින් කතාවට ඇතුළත් කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. කෙසේ වෙතත්, මේ නව වෙනසත් සමඟ ඉදිරියේදී එන කථාංගවලින් සවුත් පාක් රසිකයන්ට අලුත්ම අත්දැකීමක් ලබාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback