දකුණු කොරියාවේ ජේජු දූපතේ සේවය කළ පොලිස් නිලධාරියෙක් තමන්ගේ රාජකාරි බර අඩු කරගන්න හිතාගෙන අතුරුදහන් වූවන් සම්බන්ධ පැමිණිලි කිසිදු පරීක්ෂණයකින් තොරව වසා දමා තිබෙනවා. ‘බු’ යන වාසගම සහිත මෙම නිලධාරියා, අතුරුදහන් වූවන් සොයා ගැනීමට උත්සාහ නොකර, ඔවුන්ව සොයාගත් බවටත් ඔවුන්ට කිසිදු කරදරයක් නැති බවටත් ව්‍යාජ තොරතුරු පද්ධතියට ඇතුළත් කර තිබෙනවා. මේ නිසා අතුරුදහන් වූ පුද්ගලයන් කිහිප දෙනෙකුගේම ජීවිත බේරා ගැනීමට තිබූ අවස්ථාව මගහැරී ගොස් ඇති අතර, පසුගිය දිනවල ඔවුන්ගේ මළ සිරුරු හමුවීමත් සමඟ මේ සිද්ධිය රට පුරා ලොකු ආන්දෝලනයක් ඇති කළා.
මෙම නිලධාරියා විශේෂයෙන්ම අවුරුදු 37ක කාන්තාවක් සහ තවත් වයෝවෘද්ධ පුද්ගලයෙකු සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු වාර්තා කර තිබුණා. තමන්ට වැඩ වැඩි නිසාත්, නඩුව තවදුරටත් ඇදී යාම වළක්වා ගැනීමටත් මෙවැනි දේ කළ බව ඔහු පිළිගෙන තිබෙනවා. මේ වන විට ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් මෙවැනි සැක සහිත නඩු 25ක් පමණ ඔහු අතින් සිදුවී ඇති බවට පොලිසිය සැක කරනවා. මේ සිදුවීමත් සමඟ දකුණු කොරියානු පොලිසියේ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා. පොලිසියට වැඩි බලතල ලබා දීමට රජය සූදානම් වන මොහොතක, මෙවැනි සිදුවීමක් වාර්තා වීම පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට ලොකු හානියක් බවයි බොහෝ දෙනා පවසන්නේ.

Discussion & Feedback