දකුණු කොරියාවේ පසුගිය කාලයේ ලොකු කතාබහක් ඇති කළ අලුත උපන් බිළිඳෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ම තීන්දුවක් ලැබිලා තියෙනවා. ගැබ්ගෙන සති 36ක් ගතවූ පසු දරුවා ඉවත් කරගැනීම සම්බන්ධයෙන් යූටියුබ් වීඩියෝවක් පළ කළ කාන්තාවක් සහ ඊට සම්බන්ධ වෛද්‍යවරුන් පිරිසක් මේ නඩුවට මුහුණ දීලා හිටියා. මුලින්ම මේ කාන්තාවට වසර තුනක අත්හිටවූ සිරදඬුවමක් ලැබුණත්, අභියාචනාධිකරණය විසින් ඇයව එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. ඇය තමන්ගේ දරුවා උපතින් පසු මිය යන බව දැන සිටියේ නැති බවත්, තැරැව්කරුවෙකු ඇයට පවසා තිබුණේ දරුවා මියගොස් උපදිනු ඇති බවත් අධිකරණයේදී තහවුරු වුණා.
කෙසේ වෙතත්, මේ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරුන්ගේ වරදකාරීත්වය අධිකරණය විසින් තහවුරු කර තිබෙනවා. ඔවුන්ට පැනවූ සිරදඬුවම් කාලය තරමක් අඩු කිරීමට අධිකරණය පියවර ගත්තත්, ඔවුන් දරුවා ඝාතනය කළ බවට වූ චෝදනාව එලෙසම පවතිනවා. දකුණු කොරියාවේ ගබ්සාව නීතිගත කළත්, එය සිදු කළ හැකි කාල සීමාව පිළිබඳව පැහැදිලි නීතිමය රාමුවක් නොමැති වීම නිසා මෙවැනි ගැටලු මතුවන බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙනවා. ගැබ් ගැනීම පිළිබඳව ප්‍රමාද වී දැනගැනීම සහ ආර්ථික අපහසුතා නිසා ඇය මේ තීරණය ගත් බවත්, නීතිමය හිදැසක් පැවතීම නිසා ඇයට නිසි උපදෙස් හෝ සහනයක් නොලැබුණු බවත් අධිකරණයේදී කරුණු අනාවරණය වුණා.

Discussion & Feedback