ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ ඉල්ලීමක් මත දකුණු කොරියාව සහ ඇමරිකාව එක්ව වාර්ෂිකව පවත්වන ‘උල්චි ෆ්‍රීඩම් ශීල්ඩ්’ යුද අභ්‍යාසය දින හයකින් කෙටි කිරීමට තීරණය කර තිබෙනවා. මුලින් සැලසුම් කර තිබූ පරිදි අගෝස්තු 27 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ මෙම අභ්‍යාසය දැන් අගෝස්තු 21 වැනිදා අවසන් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා දකුණු කොරියාව සහාය ලබා නොදීම පිළිබඳව කලකිරීමෙන් පසුවන ට්‍රම්ප්, මෙම යුද අභ්‍යාස සඳහා අධික වියදමක් දැරීමට සිදුවීම සහ ඒවායේ ස්වභාවය පිළිබඳව ප්‍රසිද්ධියේම සිය අප්‍රසාදය පළ කර තිබුණා.
මෙම තීරණයත් සමඟ දකුණු කොරියාව තුළ ඇමරිකාවේ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව යම් සැකයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟ තමන් ඉතා හොඳ සබඳතාවක් පවත්වන බවත්, මේ වසරේදී ඔහුව හමුවීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති ට්‍රම්ප් පවසා තිබෙනවා. කෙසේ වෙතත්, උතුරු කොරියානු නායකයාගේ සොහොයුරිය වන කිම් යෝ-ජොන් පවසන්නේ, යුද අභ්‍යාසවල කාලය කෙටි කළ පමණින් ඇමරිකාවේ සතුරු ප්‍රතිපත්තිය වෙනස් නොවන බවයි. මෙම හදිසි වෙනස්වීම් කලාපයේ ආරක්ෂක සමතුලිතතාවයට කෙබඳු බලපෑමක් එල්ල කරනු ඇත්ද යන්න පිළිබඳව මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

Discussion & Feedback