දකුණු කොරියාවේ ඉන්චියොන් නගරයේ පිහිටි ආබාධිතයන් සඳහා වන රැකවරණ මධ්‍යස්ථානයක අධ්යක්ෂවරයෙක් එහි සිටි කාන්තාවන් කිහිප දෙනෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් මුළු රටම කම්පනයට පත් කරලා තියෙනවා. කිම් නමැති මෙම පුද්ගලයාට වසර 15ක සිරදඬුවමක් නියම වුණේ, ඔහු විසින් සිදුකළ මෙම අමානුෂික ක්‍රියාවන් නිසා. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී බරපතළ බුද්ධිමය ආබාධයකින් පෙළෙන කාන්තාවක් මේ ගැන පැමිණිලි කිරීමෙන් පසුවයි පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළේ. පසුව සිදුකළ විමර්ශනවලදී තවත් කාන්තාවන් 20 දෙනෙකු පමණ මෙවැනි අපයෝජනයන්ට ලක්වී ඇති බවට සැක පහළ වී තිබෙනවා.
මේ සිද්ධියත් එක්ක දකුණු කොරියානු රජය රට පුරාම තියෙන ආබාධිත රැකවරණ මධ්‍යස්ථාන 1,507ක් පරීක්ෂාවට ලක් කළ අතර, එහිදී තවත් සැක සහිත අපයෝජන සිද්ධි 33ක් සොයාගන්න පුළුවන් වුණා. මෙවැනි දේවල් දිගු කලක් තිස්සේ කාටවත් නොදැනී සිදුවුණේ කොහොමද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් සමාජය තුළ මතුවෙලා තියෙනවා. අදාළ රැකවරණ මධ්‍යස්ථානය වසා දැමීමට බලධාරීන් පියවර ගත්තත්, එහි පාලක මණ්ඩලය ඊට එරෙහිව නීතිමය පියවර ගනිමින් ඉන්නවා. ආබාධිත පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා දැඩි නීති තිබියදීත් මෙවැනි අපරාධ සිදුවීම රටේ පාලන තන්ත්රය ගැනත් ලොකු ප්‍රශ්නයක් මතු කරලා තියෙන බව අග්‍රාමාත්‍යවරයා පවා ප්‍රකාශ කර තිබෙනවා.

Discussion & Feedback