දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර ආසන්නයේ පිහිටි කෙම්ප්ටන් පාර්ක් ප්‍රදේශයෙන් පසුගිය මාස දෙකක කාලය තුළ කාන්තාවන් හත් දෙනෙකුගේ මළ සිරුරු හමුවීමත් සමඟ එරට ජනතාව දැඩි බියකට පත්වෙලා. මියගිය කාන්තාවන්ගෙන් බහුතරයක් නිරුවතින් හෝ අර්ධ නිරුවතින් හමුවී තිබෙන අතර, ඉන් දෙදෙනෙකු පමණක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. මෑතකදී අතුරුදහන් වූ එලිසබෙත් මොසෙලක්ගොමෝ නම් කාන්තාවගේ සිරුර හමුවීමත් සමඟ මෙම සිද්ධිය රට පුරා ලොකු කතාබහක් ඇති කළා. ඇය දිනපතා ව්‍යායාම සඳහා දිවීමට යන අයෙක් වන අතර, ඇය ආපසු නොපැමිණීම නිසා ඇගේ දියණියයි මුලින්ම මේ ගැන සොයා බැලුවේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා පවසන්නේ මෙම අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට කිසිදු ගලක් නොතබා පරීක්ෂණ පවත්වන බවයි. පොලිසිය පවසන්නේ මෙය එකම පුද්ගලයෙකු විසින් සිදුකළ ඝාතන මාලාවක්ද නැතිනම් කණ්ඩායමක් විසින් සිදුකළ අපරාධයක්ද යන්න තවමත් තහවුරු කර නොමැති බවයි. කෙසේ වෙතත්, කාන්තාවන්ට තනිව ගමන් කිරීමේදී දැඩි අවධානයෙන් සිටින ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. ලෝකයේ කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය වැඩිම රටවල් අතර දකුණු අප්‍රිකාව ඉදිරියෙන් සිටින නිසා, මෙම සිදුවීම් එරට සමාජය තුළ විශාල කම්පනයක් ඇති කර තිබෙනවා. මේ වන විට එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

Discussion & Feedback