පසුගිය සෙනසුරාදා දකුණු අප්‍රිකාවේ පැවති රග්බි තරගයක් අතරතුර ක්‍රීඩාංගණයට ඉතාම පහළින් ගුවන් යානා දෙකක් පියාසර කරවමින් සිදුකළ අන්තරායකර සංදර්ශනය ලෝකය පුරාම ලොකු කතාබහකට ලක්වුණා. ‘එයාර්ලින්ක්’ ගුවන් සේවයට අයත් මෙම යානා දෙක ක්‍රීඩාංගණයේ වහලයට අඩි 50කටත් වඩා අඩු උසකින් පියාසර කරන අයුරු වීඩියෝ දර්ශනවලින් දැකගන්න ලැබුණා. බොහෝ දෙනෙක් මේ දක්ෂතාව අගය කළත්, තවත් පිරිසක් මෙය ඉතාම අනාරක්ෂිත සහ වගකීම් විරහිත ක්‍රියාවක් බවයි පෙන්වා දුන්නේ.
කෙසේ වෙතත්, මේ සිදුවීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු සිවිල් ගුවන් සේවා අධිකාරිය (SACAA) මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් පවසන්නේ ගුවන් යානා සමාගම මුලින් අවසර ලබාගෙන තිබුණත්, මාධ්‍යවල පළ වූ විවේචන සහ ආරක්ෂක ගැටලු නිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙවැනිම තවත් ගුවන් සංදර්ශනයක් අවලංගු කිරීමට තීරණය කර ඇති බවයි. ගුවන් සේවා සමාගම පවසන්නේ තමන් ඉතා පළපුරුදු ගුවන් නියමුවන් යොදාගෙන නියමිත ආරක්ෂක සීමාවන් තුළ මෙම සංදර්ශනය සිදුකළ බවයි.
දකුණු අප්‍රිකාවේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා උත්සවවලදී මෙවැනි ගුවන් සංදර්ශන පැවැත්වීම සාමාන්‍ය දෙයක් වුණත්, මෙවර සිදුවූ දේ සම්බන්ධයෙන් බලධාරීන් දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ගුවන් ගමන් දත්ත විශ්ලේෂණය කරමින් ගුවන් සේවා ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සම්මුතියකට නොපැමිණෙන බවත්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්නා බවත් බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කරනවා.

Discussion & Feedback