දකුණු අප්‍රිකාවේ පවතින දැඩි ආර්ථික අර්බුද සහ විරැකියා ගැටලු හමුවේ, එරට රජය විසින් නීතිවිරෝධී සංක්‍රමණිකයන් ඉලක්ක කර ගනිමින් පසුගිය සති පහක කාලය තුළ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා. මේ වන විට මලාවි, සිම්බාබ්වේ සහ මොසැම්බික් ජාතිකයන් ඇතුළු විදේශිකයන් 53,499 දෙනෙකු රටින් පිටුවහල් කිරීමට හෝ ආපසු යැවීමට කටයුතු කර ඇති බව එරට අධිකරණ අමාත්‍ය ම්මමොලොකෝ කුබායි මහත්මිය තහවුරු කළා. රටේ පවතින අපරාධ ඉහළ යාමට සහ පොදු සේවා බිඳ වැටීමට සංක්‍රමණිකයන් හේතු වී ඇති බව පවසමින් දකුණු අප්‍රිකානු වැසියන් දිගින් දිගටම විරෝධතා පවත්වන අතර, ජුනි 30 වැනිදා වන විට සියලුම නීතිවිරෝධී සංක්‍රමණිකයන් රටින් පිටව යා යුතු බවට ඔවුන් අනතුරු අඟවා තිබෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් බොහෝ විදේශිකයන් බියට පත්ව තම මව් රටවල් වෙත ආපසු ගොස් ඇති අතර, ඇතැම් රටවල් තම පුරවැසියන් ගුවන් මගින් නැවත කැඳවා ගැනීමටද පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ රටේ පවතින සමාජ-ආර්ථික ගැටලුවලට සංක්‍රමණිකයන්ව බිල්ලට ගැනීම සුදුසු නොවන බවයි. ජනාධිපති සිරිල් රමපෝසා මහතාද ජනතාවගේ ගැටලු තේරුම් ගන්නා අතරම, නීතිය අතට ගෙන සංක්‍රමණිකයන්ට පහරදීම සහ ඔවුන්ගේ නිවාසවලට කඩා වැදීම වැනි ක්‍රියා දැඩි ලෙස හෙළා දැක තිබෙනවා. ඉදිරියටත් නීත්‍යානුකූලව සංක්‍රමණික පාලනයක් පවත්වාගෙන යාමට රජය බලාපොරොත්තු වන අතර, මානව හිමිකම් සහ පුද්ගල ගෞරවය සුරකිමින් මෙම මෙහෙයුම් සිදු කරන බවයි බලධාරීන් පවසන්නේ.

Discussion & Feedback