ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් තරගාවලි සඳහා සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලබා දීමට ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය ගත් තීරණය මේ දිනවල ක්‍රිකට් ලෝකයේ ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සංජේ බංගර්ගේ දියණිය වන අනයා බංගර්ට ඕස්ට්‍රේලියාවේ කාන්තා ප්‍රිමියර් ක්‍රිකට් තරග සඳහා සහභාගී වීමට අවසර ලැබීමත් එක්ක තමයි මේ විරෝධතා මතු වුණේ. දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩිකා මාරිසාන් කැප් මේ තීරණයට එරෙහිව සමාජ මාධ්‍ය හරහා ඉතාම දැඩි විවේචනයක් එල්ල කරලා තියෙනවා. ඇය පවසන්නේ මෙවැනි දේවල් කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.
කෙසේ වෙතත්, අනයා බංගර්ට වහාම කාන්තා බිග් බෑෂ් ලීග් (WBBL) තරගාවලියට ක්‍රීඩා කිරීමට අවසර ලැබී නැහැ. ක්‍රිකට් ඕස්ට්‍රේලියා ප්‍රතිපත්තියට අනුව, ඇයට 2027 මාර්තු මාසයෙන් පසුවයි එලයිට් මට්ටමේ තරග සඳහා සුදුසුකම් ලැබිය හැක්කේ. ඒ සඳහාත් ඇයගේ රුධිරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම නියමිත සීමාවට වඩා අඩුවෙන් පවත්වා ගත යුතු වෙනවා. අනයා බංගර් පවසන්නේ තමන්ට ලැබී ඇත්තේ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් පමණක් බවත්, කණ්ඩායමට තේරී පත් වීමට නම් තමන් දක්ෂතා පෙන්විය යුතු බවත්ය.
මේ සිදුවීමත් එක්ක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනයේ ප්‍රතිපත්ති අතර තියෙන වෙනසත් පැහැදිලිව පේන්න තියෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිරිමි වැඩිවිය පැමිණීමක් අත්විඳි සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරග සඳහා ඉඩ ලබා දෙන්නේ නැහැ. නමුත් ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ දේශීය තරගාවලි සඳහා වෙනම ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ඉදිරියේදී මේ ගැන තවත් බොහෝ වාද විවාද ඇති වේවි කියලා තමයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

Discussion & Feedback