අපේ ගෙවල් දොරවල් පිළිවෙළකට තියාගන්න එක ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක්. ප්‍රසිද්ධ නිවාස අලංකරණ විශේෂඥවරියක් වන ඩිලී කාටර් පවසන විදිහට, අපි නොදැනුවත්වම කරන වැරදි කිහිපයක් නිසා තමයි ගෙදර අස්පස් කරගන්න අපිට අමාරු වෙන්නේ. විශේෂයෙන්ම මුළුතැන්ගෙයි තියෙන අනවශ්‍ය උපකරණ ගැන ඇය කියන්නේ, මුළුතැන්ගෙයි ඉඩ කියන්නේ වටිනා දෙයක් බවයි. ඒ නිසා නිතරම පාවිච්චි කරන්නේ නැති බ්ලෙන්ඩර්, ජූසර් වගේ දේවල් එළියේ තියන්නේ නැතුව අල්මාරිවල අසුරන්න කියලා ඇය යෝජනා කරනවා. ඒ වගේම එක වැඩකට විතරක් පාවිච්චි කරන උපකරණ වෙනුවට බහුකාර්ය උපකරණ තෝරා ගැනීමෙන් ඉඩ ඉතිරි කරගන්න පුළුවන්.
ඇඳුම් පැළඳුම් තැන්පත් කිරීමේදීත් අපි ගොඩක් වැරදි කරනවා. ටී-ෂර්ට් රෝල් කරලා තියනවට වඩා ‘ෆයිල් ෆෝල්ඩින්’ ක්‍රමයට එක පෙළට තියන එකෙන් අපිට අවශ්‍ය ඇඳුම ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඒ වගේම ළමයින්ගේ සෙල්ලම් බඩු ඔක්කොම එකම ලොකු පෙට්ටියකට දාන එක වැරදියි. එතකොට ළමයි තමන්ට ඕන සෙල්ලම් බඩුව හොයද්දී අනිත් ඔක්කොම එළියට දාලා ගෙදර අවුල් කරනවා. ඒ වෙනුවට කුඩා පෙට්ටි කිහිපයක වර්ග කරලා බඩු තියන එකෙන් ගෙදර පිළිවෙළ තියාගන්න වගේම ළමයින්ටත් පහසුවෙන් තමන්ගේ බඩු හොයාගන්න පුළුවන් වෙනවා. මේ පුංචි වෙනස්කම් ටික කරලා බැලුවොත් ඔබේ නිවසත් හරිම පිළිවෙළට තියාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback