ජනප්‍රිය Katseye සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායිකාවක් වන සොෆියා ලාෆෝර්ටේසා තමන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් කණ්ඩායමේ කටයුතුවලින් තාවකාලිකව ඉවත් වීමට තීරණය කරලා තියෙනවා. ඇයගේ මෙම තීරණය ගැන නිවේදනයක් නිකුත් කරමින් HYBE සහ Geffen Records ආයතනය පවසන්නේ, ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ විවේකය ලබා දීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බවයි. රසිකයන් ඇයව වේදිකාව මත දැකීමට බලාපොරොත්තුවෙන් සිටියත්, කලාකාරිනියකගේ සෞඛ්‍ය සහ ආරක්ෂාවට මුල්තැන දිය යුතු බව ඔවුන් අවධාරණය කරනවා. සොෆියාගේ තත්ත්වය සැප්තැම්බර් මාසයේදී නැවත සමාලෝචනය කිරීමට නියමිතයි.
සොෆියා තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා රසිකයන් අමතමින් පවසා තිබුණේ, තමන්ගේ ශරීරය සහ මනස ගැන සැලකිලිමත් නොවී තමන් ආදරය කරන සංගීත ක්ෂේත්රයේ දිගු ගමනක් යා නොහැකි බවයි. මේ තීරණය ගැනීම ඇයට පහසු වුණේ නැතත්, ඉක්මනින් සුවය ලබා නැවත ශක්තිමත්ව වේදිකාවට පැමිණෙන බව ඇය පොරොන්දු වෙනවා. මීට මාස හයකට පෙර කණ්ඩායමේ තවත් සාමාජිකාවක් වන මැනන් බැනර්මන් ද සෞඛ්‍ය හේතූන් මත විරාමයක් ගත් අතර, ඒ අනුව මේ වන විට Katseye කණ්ඩායම සාමාජිකයන් හතර දෙනෙකුගෙන් පමණක් ඉදිරි කටයුතු පවත්වාගෙන යනවා. පසුගිය කාලයේදී මෙම කණ්ඩායමට එල්ල වූ විවිධ තර්ජන සහ පීඩනයන් පිළිබඳවද ලොව පුරා කතාබහක් ඇති වුණා.

Discussion & Feedback