ගේමින් ලෝකයේ දැවැන්තයෙක් වන සෝනි සමාගම තීරණාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, 2028 වසරේ ජනවාරි මාසයේ සිට ප්ලේස්ටේෂන් ක්‍රීඩා සඳහා භෞතික තැටි (Physical Discs) නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ඔවුන් තීරණය කර ඇති බවයි. මේ සමඟම අනාගතයේදී සියලුම නව ක්‍රීඩා ඩිජිටල් ක්‍රමයට පමණක් ප්ලේස්ටේෂන් ස්ටෝර් හරහා මිලදී ගැනීමට සිදුවනු ඇත. දැනට වෙළඳපොලේ පවතින ක්‍රීඩා තැටිවලට බලපෑමක් නොවුණත්, ඉදිරියේදී ගේමින් ලෝකය සම්පූර්ණයෙන්ම ඩිජිටල් යුගයකට පිවිසෙන බව මෙයින් පැහැදිලි වෙනවා.
සෝනි සමාගම පවසන පරිදි, දැනටමත් ක්‍රීඩකයින්ගෙන් 85%ක්ම කැමැත්තක් දක්වන්නේ ඩිජිටල් ක්‍රමයට ක්‍රීඩා බාගත කර ගැනීමටයි. භෞතික තැටිවලට වඩා ඩිජිටල් මාධ්‍ය ජනප්‍රිය වීම නිසා මෙම වෙනස ස්වාභාවික එකක් බව ඔවුන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, තමන්ගේ එකතුවට ක්‍රීඩා තැටි එකතු කිරීමට කැමති පිරිසක් තවමත් සිටින නිසා මෙම තීරණය බොහෝ දෙනෙකුට තරමක් කනගාටුදායක ආරංචියක් වනු නොඅනුමානයි. මීට අමතරව, ඉදිරි වසර කිහිපය තුළ PS3 සහ PS Vita වැනි පැරණි ප්ලේස්ටේෂන් ස්ටෝර් ද වසා දැමීමට සමාගම සැලසුම් කර තිබෙනවා.
මෙම වෙනසත් සමඟම ගේමින් ක්ෂේත්රයේ විශාල පෙරළියක් සිදුවන අතර, භෞතික තැටි අලෙවි කරන වෙළඳසැල්වලටද මෙය දැඩි බලපෑමක් එල්ල කරනු ඇති. කෙසේ වෙතත්, තාක්ෂණයේ දියුණුවත් සමඟ ක්‍රීඩකයින්ට වඩාත් පහසුවෙන් සහ වේගවත්ව ක්‍රීඩා ලබා ගැනීමට මෙම ඩිජිටල්කරණය ඉවහල් වන බවයි සෝනි සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Discussion & Feedback