හොලිවුඩයේ ජනප්රිය නිෂ්පාදන ආයතනයක් වන ‘බැඩ් රොබට්’ (Bad Robot) විසින් නිෂ්පාදනය කරන අලුත්ම භීෂණ චිත්රපටය වන ‘ස්කෙලටන්ස්’ (Skeletons) ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ජේ.ටී. මොල්නර් අධ්යක්ෂණය කරන මේ චිත්රපටය 2027 ජූනි 04 වැනිදා ලොව පුරා සිනමාහල්වල තිරගත කරන්න සෝනි පික්චර්ස් ආයතනය තීරණය කරලා තියෙනවා. මේ චිත්රපටයේ ප්රධාන චරිතයට ඔස්කාර් සම්මානලාභී නිළි බ්රී ලාසන් රංගනයෙන් දායක වෙන අතර, ඇය සමඟ ජෝන් ගුඩ්මන්, කයිල් ගැල්නර් සහ විලා ෆිට්ස්ජෙරල්ඩ් වැනි දක්ෂ නළු නිළියන් රැසක්ම රංගනයෙන් එකතු වෙනවා.
මේ කතාව ගෙතිලා තියෙන්නේ පුංචි පිරිමි ළමයෙක්ගේ දෘෂ්ටිකෝණයෙන්. තමන්ගේ ආදරණීය දෙමව්පියන් විශේෂයෙන්ම අම්මා ගැන තියෙන බිහිසුණු රහසක් මේ දරුවා ටිකෙන් ටික හොයාගන්න විදිහ තමයි මේ චිත්රපටයෙන් බලාගන්න පුළුවන් වෙන්නේ. ෆිලිප් ෆ්රැකාසිගේ කෙටි කතාවක් ඇසුරින් නිර්මාණය වුණු මේ චිත්රපටයේ තිර රචනය බ්රයන් ඩෆීල්ඩ් විසින් සිදු කරලා තියෙනවා. ජේ.ජේ. ඒබ්රම්ස් ඇතුළු පිරිසක් නිෂ්පාදනයෙන් දායක වෙන මේ සිනමා නිර්මාණය භීෂණ චිත්රපට ලෝලීන්ට අලුත්ම අත්දැකීමක් වෙයි කියලා තමයි සිනමා විචාරකයෝ කියන්නේ. ඉතින් 2027 වසරේ ජූනි මාසය එනකම් මේ චිත්රපටය ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්න පුළුවන්.

Discussion & Feedback