ප්‍රසිද්ධ මෘදුකාංග සංවර්ධන වේදිකාවක් වන Supabase හරහා දත්ත ගබඩා කර තිබෙන දහස් ගණනකගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය හරහා ඕනෑම කෙනෙකුට දැකගත හැකි වන පරිදි නිරාවරණය වී ඇති බව සයිබර් ආරක්ෂණ ආයතනයක් වන UpGuard විසින් අනාවරණය කර තිබෙනවා. ඔවුන් සිදුකළ පරීක්ෂණයකදී මෙවැනි දත්ත ගබඩා 16,000ක් පමණ හඳුනාගෙන ඇති අතර, ඒ අතර පුද්ගලයන්ගේ නම්, ලිපිනයන්, දුරකථන අංක සහ රහස්‍ය මුරපද පවා ඇතුළත් වන බවයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම, AI තාක්ෂණය භාවිතයෙන් වේගයෙන් යෙදුම් නිර්මාණය කරන සංවර්ධකයන්ගේ අතින් සිදුවන වැරදි සහා වින්‍යාසයන් (configurations) නිසා මෙම දත්ත කාන්දුවීම් සිදුවන බවයි පැවසෙන්නේ.
මෙම දත්ත ගබඩා අතර විවිධ පුද්ගලික සංවාද, රථ වාහන බලපත්‍ර තොරතුරු සහ රාජ්‍ය තාන්ත්‍රික දත්ත පවා තිබීම බරපතල තත්ත්වයක්. Supabase ආයතනයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරියා පවසන්නේ තම වේදිකාව පෙරනිමියෙන්ම ආරක්ෂිත බවත්, දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම සංවර්ධකයන් සහ සමාගම යන දෙපාර්ශවයටම පැවරෙන බවත්ය. කෙසේ වෙතත්, නවීන තාක්ෂණය භාවිතයෙන් යෙදුම් නිර්මාණය කිරීමේදී ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකිරීම නිසා ලොව පුරා පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා. එම නිසා සංවර්ධකයන් තමන් නිර්මාණය කරන යෙදුම්වල ආරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback