සෝලෝ ලෙවලින්ග් රසිකයන් ගොඩක් කාලයක් තිස්සේ බලාගෙන හිටපු ආරංචිය දැන් ලැබිලා තියෙනවා. D&C Media ආයතනය විසින් නිකුත් කරපු මූල්ය වාර්තාවකට අනුව, සෝලෝ ලෙවලින්ග් තුන්වන කතා මාලාව 2027 හෝ 2028 වසරේදී අපිට බලාගන්න පුළුවන් වෙයි. මේ ආරංචිය රසිකයන් අතර ලොකු සතුටක් ඇති කළත්, මේ අතරතුරේදී ‘Solo Leveling: Beyond the System’ නමින් අලුත් චිත්රපටයක් එන බවත් තහවුරු වෙලා තියෙනවා. ඉතින් මේ දෙකම එක ළඟ එන නිසා, මේක කොහොමද වෙන්නේ කියලා ගොඩක් දෙනෙක් ප්රශ්න කරනවා.
මේ සම්බන්ධයෙන් තියෙන ජනප්රියම මතයක් තමයි ‘ඩීමන් ස්ලේයර්’ (Demon Slayer) ඇනිමෙ එකේ ආකෘතියම සෝලෝ ලෙවලින්ග් වලටත් පාවිච්චි කරයි කියන එක. ඒ කියන්නේ, චිත්රපටයේ තියෙන දේවල්ම ටිකක් වෙනස් කරලා හෝ අලුත් දේවල් එකතු කරලා තුන්වන කතා මාලාවේ කොටස් විදිහට පෙන්වන්න A-1 ස්ටුඩියෝ එකට පුළුවන්. මේ ක්රමය නිසා වැඩේ ලේසි වෙනවා වගේම, රසිකයන්ටත් දිගටම සෝලෝ ලෙවලින්ග් රස විඳින්න අවස්ථාව ලැබෙනවා. කොහොම වුණත්, මේ ගැන තවමත් නිල වශයෙන් වැඩි විස්තර ප්රකාශ කරලා නැති වුණත්, ඉදිරි වසර කිහිපය ඇතුළත සුන් ජින්වූගේ ආපසු පැමිණීම ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.

Discussion & Feedback