ලංකාවේ වහල මත සූර්ය බලශක්ති පද්ධති සවි කරන පාරිභෝගිකයන්ට බලපාන වැදගත් තීරණයක් බලශක්ති අමාත්‍යාංශය විසින් ගෙන තිබෙනවා. ඒ අනුව, මින් ඉදිරියට අලුතින් සූර්ය පැනල සම්බන්ධතා ලබා ගන්නා අයට සහ දැනට පවතින ගිවිසුම් දීර්ඝ කරන අයට ‘නෙට් මීටරින්’ (Net Metering) සහ ‘නෙට් එකවුන්ටින්’ (Net Accounting) ක්‍රම තවදුරටත් ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවට සියලුම නව සම්බන්ධතා ‘නෙට් ප්ලස්’ (Net Plus) ක්‍රමය යටතේ පමණක් සිදු කළ යුතු බවයි අමාත්‍යාංශය පවසන්නේ. 2026 මාර්තු 05 වැනිදා ගැසට් කළ ජාතික විදුලි බල ප්‍රතිපත්තියට අනුව මෙම වෙනස සිදු කර තිබෙනවා.
මෙම නව නීතිය සැප්තැම්බර් 11 වැනිදායින් පසු ලබා දෙන ජාල නිෂ්කාශන (Grid Clearances) සඳහා බලපානවා. කෙසේ වෙතත්, දැනට පවතින ගිවිසුම් ඒවායේ කාලසීමාව අවසන් වන තුරු කිසිදු වෙනසක් නොමැතිව ක්‍රියාත්මක වෙනවා. අලුතින් සවි කරන පද්ධති සඳහා වසර 12ක උපරිම කාලසීමාවක් නියම කර ඇති අතර, විදුලි බල මණ්ඩලයට දුරස්ථව පාලනය කළ හැකි ස්මාර්ට් මීටරයක් අනිවාර්යයෙන්ම සවි කළ යුතු වෙනවා. මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ද සිය විරෝධය පළ කර තිබෙනවා.
මෙම තීරණයත් සමඟ සූර්ය බලශක්ති ක්ෂේත්රයේ තිබූ පෙර පැවති තේරීම් අවස්ථාවන් පාරිභෝගිකයන්ට අහිමි වන අතර, ඉදිරියේදී සියලුම නව පාරිභෝගිකයන් ‘නෙට් ප්ලස්’ ක්‍රමවේදයට අනුගත වීමට සිදුවනවා. කෙසේ වෙතත්, මහජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කර ඇති විදුලි ගාස්තු වල කිසිදු වෙනසක් සිදු නොවන බවත්, අමාත්‍යාංශයේ ලිඛිත අනුමැතියකින් තොරව මෙම නියෝග වෙනස් කිරීමට නොහැකි බවත් බලධාරීන් දැනුම් දී තිබෙනවා.

Discussion & Feedback