ලෝක ප්රසිද්ධ ඇමරිකානු රැප් ගායකයෙක් සහ ව්යාපාරිකයෙක් වන ස්නූප් ඩොග්ගේ ජීවිත කතාව ඇතුළත් ‘ස්නූප්’ (Snoop) චිත්රපටය ලබන වසරේ අගෝස්තු 6 වැනිදා සිට ලොව පුරා සිනමාහල්වල තිරගත වීමට නියමිතයි. යුනිවර්සල් පික්චර්ස් ආයතනය විසින් නිෂ්පාදනය කරන මෙම චිත්රපටය හරහා ස්නූප් ඩොග්ගේ සංගීත දිවියේ ආරම්භයේ සිට ඔහු අත්පත් කරගත් දැවැන්ත ජයග්රහණ දක්වා වූ ගමන ඉතාමත් ආකර්ෂණීය ලෙස දැකගන්න පුළුවන්. මීට පෙර ‘8 මයිල්’ සහ ‘ස්ට්රේට් අවුටා කොම්ප්ටන්’ වැනි සාර්ථක සංගීතමය චිත්රපට නිර්මාණය කළ යුනිවර්සල් ආයතනය මෙවරත් ප්රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ලබා දීමට සූදානම් වෙනවා.
මෙම චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ ක්රේග් බෲවර් විසින් වන අතර, ස්නූප් ඩොග්ගේ චරිතයට පණ පොවන්නේ ජොනතන් ඩේවිස් විසිනුයි. ස්නූප් ඩොග් සහ බ්රයන් ග්රේසර් ඇතුළු පිරිසක් නිෂ්පාදනයෙන් දායක වන මෙම නිර්මාණය සඳහා ස්නූප්ගේ ජනප්රියම ගීත රැසක් ඇතුළත් කර තිබෙනවා. ඩෙත් රෝ පික්චර්ස් සහ එන්.බී.සී යුනිවර්සල් අතර ඇති කරගත් ගිවිසුමකට අනුව නිර්මාණය වන පළමු චිත්රපටය මෙය වීමත් විශේෂත්වයක්. සංගීත ලෝලීන්ට සහ ස්නූප් ඩොග්ගේ රසිකයන්ට ඔහුගේ ජීවිතයේ නොදුටු පැතිකඩ රැසක් මෙම චිත්රපටය හරහා දැකගන්න පුළුවන් වේවි. ඉතින්, ලබන වසරේ අගෝස්තු මාසයේදී මේ අපූරු සිනමා අත්දැකීම විඳගන්න ඔයාලටත් අවස්ථාව ලැබෙනවා.

Discussion & Feedback