මේ දවස්වල අලුත්ම ආරංචියක් විදිහට යුරෝපයේ අලුත්ම මයික්රෝ ඩ්රාමා ප්ලැට්ෆෝම් එකක් විදිහට ‘Snäxx’ ඇප් එක එළිදක්වන්න සූදානම් වෙනවා. ජර්මනියේ Black Forest Studios මගින් නිර්මාණය කරපු මේ සේවාව නොවැම්බර් පළවෙනිදා ඉඳන් iOS සහ ඇන්ඩ්රොයිඩ් යන දෙකෙන්ම ඔයාලට බාගත කරගන්න පුළුවන්. මේක හුදෙක් කෙටි වීඩියෝ ඇප් එකක් විතරක් නෙවෙයි, යුරෝපීය නිර්මාණකරුවන්ගේ දක්ෂතා ලෝකයටම ගෙනියන්න හදපු අලුත්ම පද්ධතියක් විදිහට තමයි ඔවුන් හඳුන්වන්නේ. මේකේ විශේෂත්වය තමයි, මෙතෙක් තිබුණු අඩු ගුණාත්මකභාවයෙන් යුත් වීඩියෝ වෙනුවට උසස් මට්ටමේ යුරෝපීය කතා මාලා මෙහි අන්තර්ගත වීම.
ආරම්භයේදීම ‘Black Forest Royale’ වගේ කතා මාලා 16ක් ඇතුළුව තවත් නිර්මාණ රැසක් මේ හරහා නරඹන්න පුළුවන්. මේ ඇප් එකේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි ‘Dual Format’ පහසුකම. ඒ කියන්නේ වීඩියෝ එකක් ඔයාට ෆෝන් එකේ වර්ටිකල් විදිහට වගේම ටීවී එකේ හරි වෙනත් තිරයක හරි හරස් අතට (16:9) පැහැදිලිවම බලන්න පුළුවන්. ඒ වගේම තමන් ළඟ තියෙන පැරණි චිත්රපට හෝ ටෙලිනාට්ය මේ අලුත් මයික්රෝ ඩ්රාමා ආකෘතියට හරවගන්න ‘Re:Format’ කියන පහසුකමත් ඔවුන් හඳුන්වා දීලා තියෙනවා. යුරෝපීය නිර්මාණකරුවන්ට තමන්ගේ දක්ෂතා ලෝකයට පෙන්වන්න ලැබෙන මේ අලුත්ම අවස්ථාව ගැන මේ වන විට ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා.

Discussion & Feedback