මේ දවස්වල කැනඩාව පුරාම හටගෙන තියෙන දරුණු ලැව්ගිනි නිසා මුළු රටම වගේම අසල්වැසි ඇමරිකාවත් ලොකු අවදානමකට ලක්වෙලා තියෙනවා. කැනේඩියානු අන්තර් ආයතනික වන ගිනි මධ්යස්ථානයට අනුව, මේ වෙද්දී ලැව්ගිනි 850කට වඩා වැඩි ප්රමාණයක් මැණිටෝබා, සස්කැචෙවන් සහ ඔන්ටාරියෝ ප්රදේශවල පැතිරෙනවා. මේ ගිනි නිවාගන්න බැරි තරමටම දරුණු වෙලා තියෙන නිසා, ඒවයින් පිටවෙන දැවැන්ත දුම් වළා අභ්යවකාශයේ ඉඳන් පවා ඉතාම පැහැදිලිව දකින්න පුළුවන් කියලා විද්යාඥයන් පවසනවා. NOAA-21 චන්ද්රිකාව මගින් ලබාගත්ත නවතම ඡායාරූපවලින් මේ දුම නිව්යෝර්ක් දක්වාම පැතිරී ගොස් ඇති බව තහවුරු වෙලා තියෙනවා.
මේ දුම නිසා වාතයේ ගුණාත්මකභාවය ඉතාම පහළ මට්ටමකට වැටිලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ නිව්යෝර්ක් වගේ ප්රදේශවල ජනතාවට මේ නිසා සෞඛ්ය ගැටලු රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. දේශගුණික විපර්යාස සහ මිනිස් ක්රියාකාරකම් නිසා මෙවැනි ස්වාභාවික ආපදා ඉදිරියේදී තවත් දරුණු වෙන්න පුළුවන් බවයි විශේෂඥයන් අනතුරු අඟවන්නේ. අභ්යවකාශයේ ඉඳන් මේ වගේ දේවල් නිරීක්ෂණය කරන එක ආපදා කළමනාකරණයට වගේම දිගුකාලීන දේශගුණික අධ්යයනවලටත් ගොඩක් වැදගත් වෙනවා. කොහොම වුණත්, මේ ලැව්ගිනි තවදුරටත් පාලනය කරගන්න බැරිව තියෙන නිසා චන්ද්රිකා තාක්ෂණය භාවිතයෙන් දිගින් දිගටම මේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට විද්යාඥයන් කටයුතු කරමින් ඉන්නවා.

Discussion & Feedback