ලෝක ප්රසිද්ධ Slipknot හෙවි මෙටල් සංගීත කණ්ඩායමේ දිගුකාලීන සාමාජිකයෙක් වුණු DJ සහ යතුරුපුවරු වාදක Sid Wilson එම කණ්ඩායමෙන් ඉවත් වී තිබෙනවා. මේ ගැන කණ්ඩායම විසින් නිල වශයෙන්ම ප්රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඔවුන් පවසන්නේ වහාම ක්රියාත්මක වන පරිදි Sid Wilson තවදුරටත් Slipknot කණ්ඩායම සමඟ සම්බන්ධ වී කටයුතු නොකරන බවයි. ඔහුගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවායි ප්රාර්ථනා කරන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා.
ඇත්තටම මේ සිදුවීම රසිකයන්ට ලොකු පුදුමයක් වුණේ, 1998 වසරේ ඉඳන්ම ඔහු මේ කණ්ඩායමේ ආරම්භක සාමාජිකයන් නව දෙනාගෙන් කෙනෙක් විදිහට හිටපු නිසයි. Slipknot කණ්ඩායමේ පළමු ඇල්බමය නිකුත් කරන්න කලින් ඉඳන්ම ඔහු ඔවුන් එක්ක හිටියා. මීට කලින් ජූලි මාසයේදී TMZ මාධ්ය වාර්තා කරලා තිබුණේ ඔහුව කණ්ඩායමෙන් ඉවත් කර ඇති බවයි. කෙසේ වෙතත්, දැන් ඒ කතාව සත්ය බව තහවුරු වෙලා තියෙනවා.
මෑත කාලයේදී Slipknot කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙක්ම ඉවත් වුණා. 2023 දී Craig Jones සහ 2019 දී Chris Fehn කණ්ඩායමෙන් ඉවත් වුණා වගේම, Joey Jordison සහ Paul Gray වැනි ප්රවීණ සාමාජිකයන්ගේ අභාවයත් කණ්ඩායමට ලොකු පාඩුවක් වුණා. මේ විදිහට දිගින් දිගටම සිදුවන වෙනස්කම් නිසා Slipknot රසිකයන් මේ ගැන ලොකු කතාබහක නිරත වෙනවා.

Discussion & Feedback