ශ්‍රී ලංකාවේ දක්ෂතම තරුණ නවෝත්පාදකයින් සහ ඉංජිනේරුවන් වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන SLIIT ROBOFEST 2026 රොබෝ තාක්ෂණ තරගාවලිය සඳහා මේ වන විට අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා. 2010 වසරේ සිට පැවැත්වෙන මෙම තරගාවලිය, මෙරට තාක්ෂණික ක්ෂේත්රයේ විශාල පෙරළියක් සිදු කරමින් තරුණ සිසුන්ගේ නිර්මාණශීලීත්වය සහ ඉංජිනේරු කුසලතා ඔප්නංවන්නට විශාල දායකත්වයක් ලබා දෙනවා. මෙවර තරගාවලිය පාසල්, විශ්වවිද්‍යාල සහ විවෘත කාණ්ඩ යටතේ පැවැත්වෙන අතර, ඒ හරහා සිසුන්ට තමන්ගේ රොබෝ තාක්ෂණික දැනුම ලොවට පෙන්වන්නට කදිම අවස්ථාවක් ලැබෙනවා.
මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ විවෘත කාණ්ඩය යටතේ හඳුන්වා දී ඇති නවතම ‘ස්වයංක්‍රීය රෝවර්’ (Autonomous Rover) තරගයයි. මෙහිදී සහභාගිවන්නන්ට බාධක මගහරිමින්, සිතියම් නිර්මාණය කරමින් ස්වාධීනව ගමන් කළ හැකි රෝවර් එකක් නිර්මාණය කිරීමට සිදුවනවා. මීට අමතරව, පසුගිය වසරවල අති සාර්ථක වූ ස්වයංක්‍රීය ඩ්‍රෝන යානා තරගයත් මෙවරත් පැවැත්වෙනවා. මෙමගින් අනාගත තාක්ෂණය වන කෘතිම බුද්ධිය සහ ස්වයංක්‍රීය පද්ධති පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමට සිසුන්ට හැකියාව ලැබෙනවා.
තරගාවලියට සමගාමීව දිවයින පුරා පාසල් සිසුන් වෙනුවෙන් රොබෝ තාක්ෂණික වැඩමුළු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමටත් SLIIT ආයතනය කටයුතු සූදානම් කර තිබෙනවා. රොබෝ තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ ක්‍රමලේඛනය වැනි ක්ෂේත්‍ර කෙරෙහි උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම අවස්ථාවට එක්වී අනාගත තාක්ෂණික ලෝකය ජයගැනීමට අවශ්‍ය මගපෙන්වීම ලබාගන්න පුළුවන්.

Discussion & Feedback