ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ ශ්රී ලංකා ක්රිකට් ආයතනය අතර කාලයක් තිස්සේ පැවති නීතිමය ගැටලුව අවසානයේ විසඳී තිබෙනවා. ඒ අනුව, හතුරුසිංහ මහතාට ඇමරිකානු ඩොලර් 164,000ක මුදලක් එනම් ශ්රී ලංකා රුපියල් මිලියන 55කට ආසන්න මුදලක් ගෙවීමට ක්රිකට් ආයතනය පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම ගෙවීමත් සමඟ ස්විට්සර්ලන්තයේ පිහිටි ක්රීඩා සඳහා වන බේරුම්කරණ අධිකරණයේ (CAS) ගොනු කර තිබූ නඩුව ඉල්ලා අස්කර ගැනීමට හතුරුසිංහ මහතා එකඟ වී තිබෙනවා.
ඇත්තටම මේ නඩුව ආරම්භයේදී හතුරුසිංහ මහතා ඩොලර් මිලියන 5ක වන්දියක් ඉල්ලා සිටියත්, පසුව එය ඩොලර් 450,000ක් දක්වා අඩු කර තිබුණා. කෙසේ වෙතත්, කෝප් කමිටුව පවා මැදිහත් වී මෙම ගැටලුව අධිකරණයෙන් පිටත විසඳා ගන්නා ලෙස උපදෙස් දී තිබූ පසුබිමක, අවසානයේ දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණියා. 2017 වසරේ සිට පුහුණුකරු ලෙස කටයුතු කළ කාලයේදී කණ්ඩායම තුළ විනය ගැටලු සහ කණ්ඩායමේ එකමුතුකම පිළිබඳ චෝදනා කිහිපයක්ම ඔහුට එල්ල වී තිබුණා. කෙසේ වෙතත්, මේ ගෙවීමත් සමඟ වසර ගණනාවක් ඇදී ගිය මෙම නීතිමය අර්බුදයට නිල වශයෙන් තිත තැබීමට දෙපාර්ශවයටම හැකි වී තිබෙනවා.

Discussion & Feedback