ඊශ්‍රායල රජයෙන් ලැබෙන රැකියා අවස්ථා පෞද්ගලික රැකියා නියෝජිතායතනවලට ලබා දීම නිසා එම අවස්ථා අඩු වෙලා තියෙනවා කියලා පැතිරෙන කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා පවසනවා. පසුගිය සඳුදා ඊශ්‍රායලය බලා පිටත්ව යන පිරිසක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේදී ලියාපදිංචි පෞද්ගලික ආයතන විශාල කාර්යභාරයක් ඉටු කරන බවත්, කාර්යාංශය කරන්නේ එම ක්‍රියාවලිය විධිමත් ලෙස නියාමනය කිරීම පමණක් බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළා.
සභාපතිවරයා පවසන විදිහට, වාර්ෂිකව ලක්ෂ තුනකට ආසන්න පිරිසක් නීත්‍යානුකූලව විදේශ රැකියා සඳහා පිටත්ව යනවා. ඉන් රජයේ මැදිහත්වීමෙන් යන්නේ 11,000ක් වැනි සුළු පිරිසක් විතරයි. ඒ අතරින් ඊශ්‍රායලයට 5,000ක්, දකුණු කොරියාවට 5,000ක් සහ ජපානයට 1,000ක් වශයෙන් තමයි යොමු කරන්නේ. කාර්යාංශයේ ප්‍රධාන වගකීම වෙන්නේ විදේශ රැකියා නියාමනය කරලා ශ්‍රමිකයන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව තහවුරු කිරීම මිසක්, සෘජුවම රැකියා ලබා දීම නෙවෙයි. ඒ වගේම විදේශ රැකියා සම්බන්ධයෙන් සිදුවන වංචා සහ දූෂණ ක්‍රියාවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු අවධාරණය කළා.

Discussion & Feedback