බ්‍රිතාන්‍ය රූපවාහිනී ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක් සිදුකරමින් ස්කයි (Sky) ආයතනය විසින් ITV රූපවාහිනී ජාලය පවුම් බිලියන 1.6ක (ඇමරිකානු ඩොලර් බිලියන 2.1ක) මුදලකට මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා. නෙට්ෆ්ලික්ස් සහ යූටියුබ් වැනි ගෝලීය තාක්ෂණික සමාගම්වලින් එල්ල වන දැඩි තරගකාරීත්වය හමුවේ, සාම්ප්‍රදායික රූපවාහිනී ආයතන මෙලෙස ඒකාබද්ධ වීමට පියවර ගැනීම විශේෂත්වයක්. මෙම ගනුදෙනුව හරහා ITV ආයතනය NBCUniversal අධිරාජ්‍යයේ කොටසක් බවට පත්වන අතර, මෙය බ්‍රිතාන්‍ය මාධ්‍ය ක්ෂේත්රයේ තීරණාත්මක මොහොතක් ලෙසයි සැලකෙන්නේ.
මෙම ගිවිසුමට අනුව ITV හි නිෂ්පාදන අංශය වන ‘ITV Studios’ ස්කයි ආයතනයට අයත් නොවන අතර, ‘Love Island’ සහ ‘Coronation Street’ වැනි ජනප්‍රිය වැඩසටහන් අඛණ්ඩව නිෂ්පාදනය කිරීමට ස්කයි ආයතනය ඔවුන් සමඟ දීර්ඝකාලීන ගිවිසුමකට එළඹ තිබෙනවා. එමෙන්ම, ‘The Great British Bake Off’ නිෂ්පාදනය කරන Love Productions ආයතනය ITV Studios වෙත පැවරීමටත් පියවර ගෙන තිබෙනවා. මෙම ඒකාබද්ධ වීම හරහා ඉදිරියේදී රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට වඩාත් ගුණාත්මක වැඩසටහන් අත්දැකීමක් ලබා දීමට හැකි වනු ඇති බවයි දෙපාර්ශ්වයේම ප්‍රධානීන් විශ්වාසය පළ කරන්නේ.
කෙසේ වෙතත්, මෙම දැවැන්ත ගනුදෙනුව අවසන් වීමට පෙර නියාමන ආයතනවල අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වෙනවා. දැනට පවතින තරගකාරී වෙළඳපොළ තත්ත්වය හමුවේ මෙම අනුමැතිය පහසුවෙන් ලැබෙනු ඇතැයි දෙපාර්ශ්වයම බලාපොරොත්තු වෙනවා. වසර 71ක ඉතිහාසයක් ඇති ITV ආයතනය, ස්කයි සමඟ එක්වීමෙන් බ්‍රිතාන්‍ය රූපවාහිනී ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ වනු ඇති බවටයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

Discussion & Feedback