පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සහෝදරිය වන අලීමා ඛාන්ව එරට බලධාරීන් විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ලබන සතියේ පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරයකට සහයෝගය ලබාගැනීම සඳහා ඇය සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව උසිගන්වන බවට චෝදනා කරමින් ඇයව දින 30ක කාලයකට රඳවා තබා ගැනීමටයි නියෝග කරලා තියෙන්නේ. ලාහෝර් නුවරදී අත්අඩංගුවට ගත් ඇයව මේ වන විට කෝට් ලක්පත් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. ඇගේ පවුලේ අය පවසන්නේ ඇයව අත්අඩංගුවට ගත් පසු කිසිදු තොරතුරක් නොමැති බවත්, ඇයව වහාම නිදහස් කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.
ඉම්රාන් ඛාන්ගේ පක්ෂය වන පී.ටී.අයි පක්ෂය පවසන්නේ මෙය සම්පූර්ණයෙන්ම නීති විරෝධී අත්අඩංගුවට ගැනීමක් බවයි. සැප්තැම්බර් 27 වැනිදා ඉස්ලාමාබාද් අගනුවර බලා පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතාවය වැළැක්වීම සඳහා රජය මෙවැනි පියවර ගන්නා බව බොහෝ දෙනා විශ්වාස කරනවා. මේ වන විටත් ඉස්ලාමාබාද් නුවර ආරක්ෂක කටයුතු සඳහා විශාල වශයෙන් බාධක යොදමින් නගරය ආරක්ෂා කිරීමට රජය කටයුතු කරමින් ඉන්නවා. 2023 වසරේ සිට විවිධ දූෂණ චෝදනා යටතේ සිරගතව සිටින ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පවා මේ වන විට පිරිහෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත්, තමන්ට එරෙහිව එල්ල වී ඇති සියලු චෝදනා දේශපාලන පළිගැනීම් බව ඉම්රාන් ඛාන් දිගින් දිගටම පවසනවා.

Discussion & Feedback