සිංගප්පූරුවේ රජයේ සේවකයන් වෙනුවෙන් ‘FirstDate’ නමින් අලුත්ම ආදර සබඳතා ගොඩනගා ගැනීමේ සේවාවක් පසුගියදා ආරම්භ වුණා. වයස අවුරුදු 21ත් 35ත් අතර රජයේ සේවකයන් ඉලක්ක කරගෙන හඳුන්වා දී ඇති මෙම වැඩසටහන, රටේ සීග්‍රයෙන් පහළ යන උපත් අනුපාතිකය ඉහළ නැංවීමේ උත්සාහයක කොටසක් විදියටයි සැලකෙන්නේ. මෙහි විශේෂත්වය තමයි නොබෙල් ත්‍යාගලාභී ගණිත ඇල්ගොරිතමයක් භාවිතා කරමින් ඉතාමත් නිවැරදිව සහ ආරක්ෂිතව සහකරුවෙකු හෝ සහකාරියක සොයා දීම. සාමාන්‍යයෙන් අන්තර්ජාලයේ පවතින ව්‍යාජ ගිණුම් හෝ රැවටිලිවලට හසු නොවී, තමන් වැනිම රාජ්‍ය සේවකයන් සමඟ සම්බන්ධ වීමට ලැබීම විශාල වාසියක් බවයි බොහෝ දෙනා පවසන්නේ.
කෙසේ වෙතත්, මේ වැඩසටහන ගැන සමාජ මාධ්‍ය තුළ විවිධ මත පළවෙනවා. සමහරු මෙය ඉතාමත් ප්‍රයෝජනවත් පියවරක් ලෙස දකින අතර, තවත් පිරිසක් මෙය රජයේ සේවකයන්ට පමණක් සීමා කිරීම සහ වයස් සීමාවන් පැනවීම වෙනස් කොට සැලකීමක් ලෙස විවේචනය කරනවා. සිංගප්පූරුවේ උපත් අනුපාතිකය පසුගිය වසර 60 තුළ වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙන නිසා, පවුල් ඒකක ශක්තිමත් කිරීමට රජය විවිධ දිරිගැන්වීම් සිදු කරනවා. මීට පෙරත් සිංගප්පූරුව මෙවැනිම සමාජ සංවර්ධන ඒකක හරහා විවාහ ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළත්, ඒවා එතරම් සාර්ථක වුණේ නැහැ. ජපානය වැනි රටවලත් මෙවැනිම AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ආදර සබඳතා ඇප්ස් සාර්ථක වී ඇති නිසා, සිංගප්පූරුවේ මෙම නව පියවර කෙබඳු ප්‍රතිඵල ගෙන එයිද යන්න තවමත් කුතුහලයක්.

Discussion & Feedback