සිංගප්පූරුවේ ඉගෙනුම ලබන දහනව හැවිරිදි ප්‍රංශ ජාතික සිසුවෙක් තමන් කරපු වැඩක් නිසා මේ දවස්වල ලොකු ප්‍රශ්නයක වැටිලා ඉන්නවා. මිනිහා කරලා තියෙන්නේ එරට තිබෙන දොඩම් යුෂ ලබාගන්නා ස්වයංක්‍රීය යන්ත්‍රයක තිබුණු ස්ට්‍රෝ එකක් ලෙවකාලා ආයෙත් ඒක එතැනම තිබුණු ස්ට්‍රෝ රඳවනයට දාපු එකයි. ඒ විතරක් නෙවෙයි, මේ සිදුවීම වීඩියෝ කරලා ‘නගරය ආරක්ෂිත නැහැ’ කියන අදහස එන විදිහට මිනිහා ඉන්ස්ටග්‍රෑම් එකේ පළ කරලත් තියෙනවා. මේ වීඩියෝව සමාජ මාධ්‍යවල හරිම වේගයෙන් පැතිරුණා වගේම ගොඩක් අය මේ වැඩේට තදින්ම අප්‍රසාදය පළ කරලා තිබුණා.
මේ සිදුවීම නිසා අදාළ යන්ත්‍රය අයිති සමාගමට ඒකේ තිබුණු ස්ට්‍රෝ පන්සියයක්ම ඉවත් කරලා අලුතින් දාන්න සිද්ධ වුණා. පස්සේ මේ සිසුවා පොදු අපරාධයක් සිදු කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත්තා. සිංගප්පූරු අධිකරණය විසින් ඔහුට සිංගප්පූරු ඩොලර් හයසීයක දඩ මුදලක් නියම කර තිබෙනවා. තමන් කරපු දේ ගැන මේ තරුණයා දැන් ගොඩක් කනගාටු වෙනවා කියලා ඔහුගේ නීතිඥවරයා මාධ්‍යයට කියලා තියෙනවා. ඒ වෙලාවේ විහිළුවට වගේ කරපු දේ මෙච්චර ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා ඔහු හිතුවේ නැති බවයි පැවසෙන්නේ. සිංගප්පූරුව වගේ නීතිය තද රටක මේ වගේ දේවල් කරන එක කොයිතරම් අවදානම්ද කියලා මේ සිදුවීමෙන් හොඳටම පැහැදිලි වෙනවා.

Discussion & Feedback