ලොව පුරා බොහෝ දෙනෙක් ආසාවෙන් භාවිතා කරන ‘ට්‍රේඩර් ජෝස්’ (Trader Joe’s) සමාගමේ ‘එව්රිතිං බට් ද බේගල්’ (Everything But the Bagel) නමැති රසකාරකය සිංගප්පූරුව සහ දකුණු කොරියාව තුළ තහනම් කිරීමට බලධාරීන් පියවර අරගෙන තියෙනවා. මේ රසකාරකය තුළ අඩංගු පොපි ඇට (poppy seeds) නිසා තමයි මෙවැනි තීරණයක් අරගෙන තියෙන්නේ. පොපි ඇටවල ස්වභාවිකව මත්ද්‍රව්‍ය අඩංගු නොවුණත්, ඒවා අස්වනු නෙළන අවස්ථාවේදී පොපි පැළෑටියේ ඇති මැලියම් වර්ගයක් සමඟ මිශ්‍ර වීමෙන් මෝෆීන් සහ කොඩීන් වැනි අහිතකර මත්ද්‍රව්‍ය අංශු එහි තැවරෙන්න පුළුවන්. මේ හේතුව නිසා තමයි එම රටවල් දෙකේම නීතියට අනුව මෙය තහනම් කරලා තියෙන්නේ.
සිංගප්පූරුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන විදිහට, දැනටමත් අන්තර්ජාල වෙළඳ වේදිකාවල තිබූ මේ රසකාරක ඇසුරුම් 20කට වඩා ඉවත් කරලා තියෙනවා. ඒ වගේම, දැනටමත් මේ නිෂ්පාදනය මිලදී ගෙන තියෙන අයට ඒවා වහාම ඉවත් කරන ලෙසත් උපදෙස් දීලා තියෙනවා. දකුණු කොරියාවේදීත් මේ රසකාරකය පරීක්ෂා කර බැලීමේදී මත්ද්‍රව්‍ය අංශු හමුවී තිබෙනවා. බොහෝ දෙනෙක් විදේශ සංචාරවලින් ආපසු එන විට තෑගි ලෙස මේවා රැගෙන විත් අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට උත්සාහ කර තිබුණත්, නීතිය ගැන නොදැනුවත්කම නිසා ඔවුන්ට නීතිමය ගැටලුවලට මුහුණ දීමට සිදුවෙලා තියෙනවා. ඕනෑම රටක නීතියට අනුව මත්ද්‍රව්‍ය අඩංගු ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හෝ පරිභෝජනය කිරීම බරපතල වරදක් නිසා, විදේශ රටවලින් ආහාර ද්‍රව්‍ය ගෙන්වීමේදී ඉතාම සැලකිලිමත් වෙන්න කියලා බලධාරීන් අනතුරු අඟවනවා.

Discussion & Feedback