මේ දවස්වල හොරර් ගේම් ලෝකයේ ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඒ තමයි අලුතින් එන්න ඉන්න ‘සිල්වර් පයින්ස්’ (Silver Pines) කියන ගේම් එක ගැන. මේක සයිලන්ට් හිල් සහ ඇලන් වේක් වගේ ජනප්රිය ගේම්වල ආභාෂය අරගෙන හදපු එකක්. මේ ගේම් එකේ තියෙන විශේෂත්වය තමයි ඒකේ තියෙන 2.5D මෙට්රොයිඩ්වේනියා (Metroidvania) ස්වරූපය සහ වෝටර් කලර් ආර්ට් ස්ටයිල් එක. මේක ඇත්තටම හොරර් ගේම් රසිකයන්ට අලුත් අත්දැකීමක් වේවි කියලා තමයි ගොඩක් අය කියන්නේ.
මේ ගේම් එකේ තියෙන රහස් විසඳන්න, සම්පත් කළමනාකරණය කරන්න සහ බය හිතෙන කතාවක් එක්ක ඉදිරියට යන්න ක්රීඩකයන්ට සිද්ධ වෙනවා. දැනටමත් ස්ටීම් (Steam) හරහා මේකේ ඩෙමෝ එකක් නොමිලේම ලබාගන්න පුළුවන්. ඒ ඩෙමෝ එක සෙල්ලම් කරපු අය ගොඩක් දෙනෙක් ඒකට 96%ක වගේ ඉහළ ප්රතිචාරයක් දක්වලා තියෙනවා. ඒ නිසාම මේ ගේම් එක ගැන ලොකු බලාපොරොත්තුවක් ගේම් ලෝලීන් අතර තියෙනවා.
සිල්වර් පයින්ස් ගේම් එක ඔක්තෝබර් 8 වෙනිදා නිකුත් වෙන්න නියමිතයි. මේක PC, PS5, Xbox Series X/S වගේම නින්ටෙන්ඩෝ ස්විච් වලිනුත් සෙල්ලම් කරන්න පුළුවන් වෙනවා. ඔයාලත් හොරර් ගේම් වලට කැමති නම්, මේ ගේම් එකේ ඩෙමෝ එක අනිවාර්යයෙන්ම ට්රයි කරලා බලන්න. මේ වසරේ එන බය හිතෙනම ගේම් එකක් විදිහට මේක ඉතිහාසයට එක්වෙයි කියලා තමයි ගොඩක් දෙනා විශ්වාස කරන්නේ.

Discussion & Feedback