ලොව පුරා රටවල් 180කට අධික සංඛ්‍යාවක සාමාජිකයන් 340,000කට වැඩි පිරිසක් නියෝජනය කරන ලොව ප්‍රමුඛතම මානව සම්පත් වෘත්තීය සංගමය වන SHRM, ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ යටතේ ශ්‍රී ලංකාවේ නව රටේ ප්‍රධානියා (Country Lead) ලෙස ප්‍රවීණ මානව සම්පත් කළමනාකරණ විශේෂඥ ඔෂාන ඩයස් මහත්මිය පත් කර ඇති අතර, ඇය සමඟින් දදීප්යා අජිත් ජෝන් සහ කාව්‍යා ශෂිධරන් යන මහත්ම මහත්මීන් ද මෙම කණ්ඩායම නියෝජනය කරනවා. මීට පෙර AHRP ආයතනය සමඟ එක්ව කටයුතු කළ SHRM, දැන් සෘජුවම ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ට සහ ආයතනවලට සිය ගෝලීය දැනුම සහ සේවාවන් ලබා දීමට සූදානම්.
මෙම නව පියවර හරහා ශ්‍රී ලංකාවේ මානව සම්පත් වෘත්තිකයන්ට ජාත්‍යන්තර මට්ටමේ සහතිකපත් (SHRM-CP සහ SHRM-SCP) ලබා ගැනීමටත්, ආයතනික සංවර්ධනය, නායකත්ව පුහුණුව සහ නවීන තාක්ෂණය භාවිතය වැනි ක්ෂේත්රවල විශේෂඥ සහාය ලබා ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම, සීමිත කාලයක් සඳහා ඇමරිකානු ඩොලර් 49ක විශේෂ දායක මුදලකට සාමාජිකත්වය ලබා ගැනීමේ අවස්ථාව ද ශ්‍රී ලාංකිකයන්ට හිමි වනවා. එමඟින් ගෝලීය පර්යේෂණ වාර්තා, පුහුණු වැඩසටහන් සහ ජාත්‍යන්තර වෘත්තීය ජාලයන් සමඟ සම්බන්ධ වීමට හැකියාව ලැබෙනවා.
එපමණක් නොව, ඉදිරියේදී පැවැත්වෙන SHRM ඉන්දියා වාර්ෂික සමුළුව ඇතුළු ජාත්‍යන්තර වැඩසටහන් සඳහා ශ්‍රී ලාංකික නියෝජිතයන්ට සහභාගී වීමට විශේෂ වරප්‍රසාද සහ සහන මිල ගණන් යටතේ අවස්ථාව උදා කර දී තිබෙනවා. දේශීය වෙළෙඳපොළට ගැලපෙන පරිදි සකස් කළ මාස්ටර් ක්ලාස් සහ ආයතනික පුහුණු වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවේ මානව සම්පත් ක්ෂේත්රය නව මානයකට රැගෙන යාම SHRM හි අරමුණයි. මෙමඟින් දේශීය වෘත්තිකයන්ට ගෝලීය ප්රමිතීන් සමඟින් සිය වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට විශාල පිටුවහලක් ලැබෙනු නොඅනුමානයි.

Discussion & Feedback