දැන් කාලේ ස්මාර්ට් ෆෝන් එකක් ගන්න එක ලොකු වියදමක් යන වැඩක් වෙලා. ඒ නිසාම ඇපල්, සැම්සුන් වගේ ලෝක ප්‍රසිද්ධ සමාගම් දැන් අලුත් ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි ෆෝන් එක සල්ලි දීලා ගන්නවා වෙනුවට මාසික ගාස්තුවක් ගෙවලා කුලියට ලබාගන්නා ක්‍රමය. මේ වැඩපිළිවෙල හරහා පාරිභෝගිකයන්ට තමන් කැමති අලුත්ම ෆෝන් එකක් පාවිච්චි කරන්නත්, කාලයක් ගියාම ඒක ආපහු දීලා අලුත් එකකට මාරු වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම නිතරම අලුත් ෆෝන් පාවිච්චි කරන්න කැමති අයට මේක හොඳ අවස්ථාවක්.
ඇත්තටම මේ වගේ වැඩපිළිවෙලක් සමාගම් හඳුන්වා දෙන්නේ මිනිස්සු දැන් ගොඩක් කාලයක් එකම ෆෝන් එක පාවිච්චි කරන නිසයි. ෆෝන් මිල අධික නිසාත්, තාක්ෂණික දියුණුව මන්දගාමී නිසාත් පාරිභෝගිකයන් අලුත් ෆෝන් ගන්න එක කල් දානවා. මේ නිසා සමාගම් උත්සාහ කරන්නේ පාරිභෝගිකයන්ව තමන්ගේ සේවාවන් ඇතුළේම රඳවා ගන්න. ඔබ නිතරම ෆෝන් මාරු කරන කෙනෙක් නම් මේ ක්‍රමය ඔබට වාසිදායක වෙන්න පුළුවන්. හැබැයි ඔබ ෆෝන් එකක් අවුරුදු හතරක් පහක් පාවිච්චි කරන කෙනෙක් නම්, මේ වගේ කුලී ක්‍රමයකට වඩා කෙලින්ම සල්ලි දීලා ෆෝන් එක මිලදී ගන්න එක තමයි ඔබට වඩාත් ලාභදායී වෙන්නේ. ඉතින් ෆෝන් එකක් ගන්න කලින් ඔබේ අවශ්‍යතාවය අනුව මේ ගැන හොඳට හිතලා බලන්න.

Discussion & Feedback