අභ්යවකාශයේ වෙනත් ග්රහලෝකවල ජීවීන් සිටිනවාදැයි සොයා බැලීමට අද වන විට විද්යාඥයන් කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය විශාල වශයෙන් යොදා ගන්නවා. නමුත් මිචිගන් ප්රාන්ත විශ්වවිද්යාලයේ පර්යේෂකයන් පිරිසක් සිදු කළ නවතම පරීක්ෂණයකින් අනාවරණය වෙන්නේ, මේ තාක්ෂණය සම්බන්ධයෙන් අප මීට වඩා සැලකිලිමත් විය යුතු බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ, AI පද්ධතිවලට තමන් පුහුණු කර ඇති දත්තවලට වඩා වෙනස් දත්ත හමු වූ විට ඒවා වැරදි ලෙස අර්ථකථනය කිරීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ බවයි. විශේෂයෙන්ම පිටසක්වල ජීවීන් පෘථිවියේ ජීවීන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් ගත හැකි නිසා, AI පද්ධතිවලට ඒවා හඳුනා ගැනීමට නොහැකිව ජීවයක් නොමැති දේ ජීවයක් ලෙස වැරදියට හඳුනා ගැනීමට ඉඩ තිබෙනවා.
පර්යේෂකයන් පවසන පරිදි, AI පද්ධතියකට ඉතා සුළු වෙනස්කම් කිහිපයක් සිදු කිරීමෙන් එය නොමඟ යැවීමට ඉතා පහසුයි. පෘථිවියේ ජීවීන් ගැන පමණක් පුහුණු කර ඇති AI පද්ධතියකට පිටසක්වල ජීවීන් යනු ‘තමන් නොදන්නා’ දෙයක්. ඒ නිසා අභ්යවකාශ ගවේෂණ මෙහෙයුම්වලදී AI මත පමණක් පූර්ණ විශ්වාසය තැබීම විශාල අවදානමක් විය හැකියි. කෘතිම බුද්ධිය දත්ත විශ්ලේෂණයට ඉතා දක්ෂ වුවත්, එයට තමන් පුහුණු කර ඇති දත්තවලින් පිටත දේවල් තේරුම් ගැනීමේ හැකියාව සීමිතයි. එබැවින් අනාගතයේ අඟහරු වැනි ග්රහලෝකවල ජීවීන් සෙවීමේදී මිනිස් මැදිහත්වීම සහ විද්යාත්මක පරීක්ෂණ අනිවාර්යයෙන්ම අවශ්ය වන බවයි මෙම පර්යේෂකයන් අවධාරණය කරන්නේ.

Discussion & Feedback