ඇමරිකානු අභ්යවකාශ ආයතනය වන නාසා ආයතනය තමන්ගේ ආටෙමිස් සඳ ගවේෂණ මෙහෙයුම් සඳහා දිගු කලක සිට ඉලක්ක කරගෙන ඉන්නේ සඳේ දකුණු ද්රැවයයි. නමුත් ආටෙමිස් II මෙහෙයුමට සම්බන්ධ වූ ගගනගාමී වික්ටර් ග්ලෝවර් මේ සම්බන්ධයෙන් අලුත් අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔහු කියන්නේ දකුණු ද්රැවයටම යන්න කලින් සඳේ සමකයට ආසන්න ප්රදේශයකට ගොඩබෑම වඩාත් ප්රායෝගික සහ ආරක්ෂිත විය හැකි බවයි. සමකයට ආසන්න ප්රදේශවල දිවා ආලෝකය හොඳින් ලැබෙන නිසාත්, හදිසි අවස්ථාවකදී නැවත පෘථිවියට පැමිණීම පහසු වන නිසාත් මෙවැනි තීරණයක් ගැනීම වඩාත් සුදුසු බව ඔහු පෙන්වා දෙනවා.
සඳේ දකුණු ද්රැවයේ අයිස් තැන්පතු බහුලව පවතින නිසා නාසා ආයතනය එහි කඳවුරක් පිහිටුවීමට උත්සාහ කළත්, චීනයත් සඳ ගවේෂණය වේගවත් කරමින් සිටින නිසා මේ තරඟය තවත් උණුසුම් වෙලා තියෙනවා. චීනය 2030 වන විට සඳ මතට මිනිසුන් යැවීමට සැලසුම් කරමින් සිටින නිසා, ඇමරිකාවට තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමේදී කාලය පිළිබඳ ගැටලුවක් මතු වෙලා තියෙනවා. කෙසේ වෙතත්, ආටෙමිස් IV මෙහෙයුම හරහා සඳ මතට ගොඩබෑමේ ඉලක්කය සාර්ථක කර ගැනීමට නම්, නාසා ආයතනයට තමන්ගේ ප්රමුඛතා මොනවාද යන්න ගැන නැවත සිතා බැලීමට සිදුවනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

Discussion & Feedback