උතුරු අප්‍රිකාවේ පිහිටි ස්පාඤ්ඤ භූමියක් වන සියුටා වෙරළ තීරයේ සති ගණනාවක් තිස්සේ රැඳී සිටි සංක්‍රමණිකයන් දහස් ගණනක් නව කඳවුරක් වෙත ගෙනයාමේ මෙහෙයුමක් පසුගියදා ආරම්භ වුණා. මේ සඳහා පොලිස් නිලධාරීන් 170කට අධික පිරිසක් යොදවා තිබූ අතර, කඳවුරේ ඉඩ ලබාගැනීමට සංක්‍රමණිකයන් අතර ඇති වූ තදබදය පාලනය කිරීමට පොලිසියට දැඩි වෙහෙසක් දරන්නට සිදු වුණා. ඇතැම් අවස්ථාවල තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තැබූ බවත් වාර්තා වෙනවා.
මෙම මෙහෙයුම හරහා සංක්‍රමණිකයන් 3,000කට වැඩි පිරිසක් වරාය ආශ්රිත නව කඳවුර වෙත මාරු කිරීමට බලධාරීන් පියවර ගත්තා. ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරමින් සුදුසු පරිදි රැකවරණය ලබාදීම මෙම පියවරේ අරමුණයි. කෙසේ වෙතත්, මෙම සිදුවීමත් සමඟ ස්පාඤ්ඤ අගමැති පේද්රෝ සැන්චෙස් වෙත දේශපාලන විරුද්ධවාදීන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා. සංක්‍රමණිකයන්ගේ පැමිණීම පිළිබඳව රජයට කලින් දැනුම් දී තිබියදීත්, එය වළක්වා ගැනීමට අපොහොසත් වූ බවට විපක්ෂය චෝදනා කරනවා.
සියුටා නගරයේ සාමාන්‍ය ජන ජීවිතය මේ වන විට සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවත්, නගරය විශාල පීඩනයකට ලක්ව ඇති බවත් නගරාධිපතිවරයා පවසනවා. පසුගිය ජූලි මාසයේදී මොරොක්කෝ දේශසීමාව හරහා විශාල පිරිසක් ස්පාඤ්ඤයට ඇතුළු වූ අතර, එම ගමනේදී අවම වශයෙන් 100 දෙනෙකු පමණ මියගිය බවයි වාර්තා වන්නේ. මේ වන විටත් දහස් ගණනක් සංක්‍රමණිකයන් සියුටා ප්‍රදේශයේ රැඳී සිටින අතර, ඔවුන්ගේ අනාගතය පිළිබඳව තවමත් අවිනිශ්චිත තත්ත්වයක් පවතිනවා.

Discussion & Feedback