දැනට ලෝකයේ බොහෝ වෙළඳ ආයතන AI තාක්ෂණය භාවිතයෙන් භාණ්ඩ මිලදී ගැනීම් සිදු කිරීම සීමා කිරීමට පියවර ගත්තත්, Shopify සමාගම ඊට හාත්පසින්ම වෙනස් තීරණයක් අරගෙන තියෙනවා. ඒ අනුව, දැන් බ්‍රව්සර් එකේ ක්‍රියාත්මක වන AI ඒජන්ට්වරුන්ට Shopify වෙබ් අඩවි හරහා කෙලින්ම භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. මීට කලින් මේ AI ඒජන්ට්වරුන්ට පුළුවන් වුණේ භාණ්ඩ සෙවීමට සහ ඒවා කරත්තයට (cart) එකතු කිරීමට විතරයි. නමුත් දැන් ඔවුන්ට Shop Pay ඇතුළු ගෙවීම් ක්‍රම හරහා ගනුදෙනුව සම්පූර්ණ කිරීමේ හැකියාවත් ලැබී තිබීම විශේෂත්වයක්.
මේ සඳහා Shopify විසින් ‘WebMCP’ නමැති නව තාක්ෂණික මෙවලම් කට්ටලයක් හඳුන්වා දීලා තියෙනවා. මේ හරහා AI ඒජන්ට්වරුන්ට ගෙවීම් පිටුව (checkout page) කියවීමට, ලිපිනයන් හෝ බෙදාහැරීමේ ක්‍රම වෙනස් කිරීමට සහ ගැනුම්කරුගේ අවසරය ඇතිව ගනුදෙනුව අවසන් කිරීමට පුළුවන්. මේ ක්‍රියාවලිය සඳහා කිසිදු ආකාරයක වෙබ් පිටු ස්ක්‍රීන්ෂොට් ගැනීමක් හෝ දත්ත සූරාකෑමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වන විටත් Muse සහ Instinct වැනි ප්‍රසිද්ධ AI ඒජන්ට්වරුන් Shopify සමඟ එක්ව කටයුතු කරන අතර, ඉදිරියේදී Shopify භාවිතා කරන සියලුම වෙළඳුන්ට මේ පහසුකම ලබා ගැනීමට හැකි වෙනවා. මේ වෙනස නිසා අනාගතයේදී අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම තවත් පහසු සහ වේගවත් වේවි කියලා තමයි තාක්ෂණික ක්ෂේත්රයේ ප්‍රවීණයන් පවසන්නේ.

Discussion & Feedback