පුත්තලම ප්‍රදේශයේ වෙළඳසැලකින් එක ෆොටෝ කොපියක් සඳහා රුපියල් 850ක අසාධාරණ මුදලක් අය කර තිබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතාබහක් ඇති වුණා. මේ සිදුවීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු පැමිණිලි මත, පසුගිය සැප්තැම්බර් 25 වැනිදා එම වෙළඳසැල වැටලීමට නිලධාරීන් කටයුතු කළා. එහිදී පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් සිදුකර තිබූ අක්‍රමිකතා රැසක් පිළිබඳ සාක්ෂි නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
මේ වන විට අදාළ වෙළඳසැලට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු සූදානම් කරමින් ඉන්නවා. ඉදිරි දින කිහිපය තුළදී මේ සම්බන්ධයෙන් අදාළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතයි. පාරිභෝගිකයන් සූරාකමින් සිදුකරන මෙවැනි අසාධාරණ මිල ගණන් අය කිරීම්වලට එරෙහිව නිරන්තරයෙන්ම වැටලීම් සිදුකරන බවත්, වැරදිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අධිකාරිය පවසනවා.
මේ වගේ වෙළඳපොළේ සිදුවන අසාධාරණ මිල ගණන් හෝ වෙනත් අක්‍රමිකතා ගැන ඔබටත් දැනගන්න ලැබුණොත්, වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 කියන ක්ෂණික ඇමතුම් අංකයට කතා කරලා පැමිණිලි කරන්න පුළුවන්. පාරිභෝගිකයන් විදියට අපේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නගන්න එක හරිම වැදගත්.

Discussion & Feedback