අභ්යවකාශයේ සැඟවී තිබෙන න්යෂ්ටික අවි හඳුනාගැනීම සඳහා සපත්තු පෙට්ටියක ප්රමාණයේ කුඩා චන්ද්රිකා සමූහයක් භාවිතා කිරීමට විද්යාඥයන් පියවර ගනිමින් ඉන්නවා. මෑතකදී රුසියාව අභ්යවකාශයේ න්යෂ්ටික අවි අත්හදා බලන බවට පැතිර ගිය කටකතා නිසා ලෝක බලවතුන් අතර විශාල නොසන්සුන්තාවක් ඇති වුණා. අභ්යවකාශයේදී න්යෂ්ටික බෝම්බයක් පුපුරුවා හැරියොත් එයින් නිකුත් වන විකිරණ මගින් ස්ටාර්ලින්ක් වැනි වැදගත් චන්ද්රිකා පද්ධති සහ ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානය පවා විනාශ වෙන්න පුළුවන්. මේ නිසා අභ්යවකාශය වසර ගණනාවකට භාවිතයට ගත නොහැකි තත්ත්වයකට පත්වීමේ අවදානමක් තියෙනවා.
මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ මහාචාර්ය අරෙග් ඩැනගුලියන් පවසන විදිහට, මේ සඳහා යෝජනා කරන්නේ ‘9U’ වර්ගයේ කුඩා චන්ද්රිකා පද්ධතියක්. මේ චන්ද්රිකාවල විශේෂ සංවේදක සවි කරලා තියෙන නිසා, සැක සහිත චන්ද්රිකාවල තිබෙන යුරේනියම් වැනි ද්රව්යවලින් නිකුත් වන විකිරණ හඳුනාගන්න පුළුවන්. විශේෂයෙන්ම රුසියාවේ කොස්මොස් 2553 වැනි චන්ද්රිකා ගමන් කරන කක්ෂවල ඇති අධික විකිරණ තත්ත්වයන් යටතේ වුවත්, මෙම කුඩා චන්ද්රිකාවලට න්යෂ්ටික අවිවල සලකුණු නිවැරදිව හඳුනාගැනීමේ හැකියාව තියෙනවා. මේ තාක්ෂණය මගින් අනාගතයේදී අභ්යවකාශයේ සිදුවිය හැකි මහා විනාශයන් වළක්වා ගැනීමට ලෝකයට විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි විද්යාඥයන් විශ්වාස කරනවා.

Discussion & Feedback