ෂර්ලොක් කතා මාලාවේ මෝරියාටි ලෙසින් ලොව පුරා ප්රසිද්ධියට පත්වුණු දක්ෂ නළු ඇන්ඩෲ ස්කොට් රඟපාන අලුත්ම චිත්රපටය වන ‘එල්සිනෝර්’ (Elsinore) මේ දිනවල සිනමා ලෝකයේ ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. 53 වැනි ටෙලියුරයිඩ් සිනමා උළෙලේදී ප්රදර්ශනය වුණු මේ චිත්රපටය, රොටන් ටොමැටෝස් වෙබ් අඩවියේ 90%ක ඉහළ අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මෙහි ස්කොට් රඟපාන්නේ ඒඩ්ස් රෝගයෙන් පීඩා විඳින නළුවෙක් වන ඉයන් චාල්සන්ගේ චරිතයයි. ඔහුගේ මේ රංගනය ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා සඳහා වන නිර්දේශිත නාමයන් අතරට එන්න ලොකු ඉඩක් තියෙන බවයි විචාරකයන් පවසන්නේ.
මෙම චිත්රපටයේ ස්කොට් සමඟ ඔස්කාර් සම්මානලාභී නිළි ඔලිවියා කොල්මන් ද රංගනයෙන් දායක වෙනවා. සයිමන් ස්ටෝන් අධ්යක්ෂණය කරන මේ නිර්මාණය, නාට්ය කලාවට කරන ගෞරවයක් වගේම දුක, සතුට සහ හාස්යය මනාව මුසු වුණු අපූරු කතාවක් බවයි විචාරකයන් කියන්නේ. මීට පෙර ‘All of Us Strangers’ චිත්රපටය හරහා සම්මාන උළෙල කිහිපයකදීම නාම යෝජනා ලැබුණත්, ස්කොට්ට තවමත් ඔස්කාර් සම්මානයක් සඳහා නාම යෝජනාවක් ලැබිලා නැහැ. ඒ නිසාම මේ චිත්රපටය ඔහුගේ සිනමා දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් වේවි කියලා රසිකයන් බලාපොරොත්තු වෙනවා. එළඹෙන නොවැම්බර් 20 වැනිදා ඇමරිකාවේදී තිරගත වීමට නියමිත මේ චිත්රපටය, ස්කොට්ගේ රංගන දිවියේ තවත් විශිෂ්ටතම නිර්මාණයක් වේවි.

Discussion & Feedback